රජයේ විකිරණ විද්‍යා විද්‍යාඥයෝ වෘත්තීය ක්‍රියාමාර්ගයකට
සවස 4.00න් පසු සි.ටී. ස්කෑන් පරීක්ෂණ සිදුකිරීම වෙනුවෙන් ගෙවීම් කිරීමේදී පවතින ගැටලු විසඳීමට කටයුතු නොකරන නිසා, අගෝස්තු පළමු වැනිදා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බවරජයේ විකිරණ විද්‍යා තාක්ෂණ විද්‍යාඥයන්ගේ සංගමය පැවසීය.
මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා බලධාරීන් සමග සාකච්ඡා කළද, ගැටලුවලට විසඳුම් නොලැබෙන නිසා පළමු වැනිදා සවස 4.00 සිට පැය 16ක කාලයක් සේවයෙන් ඉවත් වන බවත්, ගැටලුව විසඳන තෙක් සෑම දිනකම සවස 4.00 සිට පැය 16ක කාලයක් සේවයෙන් ඉවත්වන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා සඳහන් කළේය.
කොළඹ ජාතික රෝහල, ශික්ෂණ රෝහල් සහ මහ රෝහල් තුළ සවස 4.00ත් පසුදින උදෑසන 8.00ත් අතර කාලය තුළ විශාල ලෙස සී.ටී. ස්කෑන් කටයුතු කරන බවද ඔහු පවසා සිටියේය.
පැය 16ක කාලයක් දෛනිකව සේවයෙන් ඉවත්ව සිටින නිසා මෙම රෝහල් ඇතුළුව සි.ටී.ස්කෑන් පරීක්ෂණ සිදු කරන මූලික රෝහල්වල කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටින බවත් එහි වගකීම සෞඛ්‍ය බලධාරීන් විසින්බාරගත යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

popular news
-
කමලසිරි Friday, 27 July 2018 05:56 PM
මොවුන්ගේ තනතුර වැරදියට සකස් කර ඇති බව මගේ විශ්වාසයය්. එය තාක්ෂණ විද්‍යාඥයන් නොව විකිරණ තාක්ෂණ-වේදීන් වශයෙන් වෙනස් කරන්නේ නම් මැනවි. මොවුන් විකිරණ විද්‍යා තාක්ෂණ විද්‍යාඥයන් ලෙසින් කිසිම පර්යේෂණ පැවැත්වීමක් නොකරන බැවින් ඔවුන්ගේ තනතුර "විකිරණ තාක්ෂණ-වේදීන්" වශයෙන් වෙනස් කිරීම ඔවුනට කරන සාධාරණයක් වනු ඇත. එවිට ඔවුන්ගේ පඩි නඩි සකස් කිරීම පහසු වනු ඇති.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
