රජයේ රැකියා ගැන බලන්න එපා
මේ වසරේදි රජයේ කියන කිසිදු ආයතනයක රැකියාවන් නොදෙන නිසා ආණ්ඩුවේ රැකියා බලාපොරොත්තු නොවී පෞද්ගලික අංශයේ රැකියා සොයා ගන්නා ලෙසත් එයට තමාද උදව් කරන බවත් කම්කරු ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා බදුල්ලේදි පැවසීය.
බදුල්ල තෙල්බැද්ද වත්තේ අළුතින් ඉදිකළ කාපට් මාර්ගයක් ඊයෙ (09දා) ජනතා අයිතියට පත්කිරීමෙන් පසු පැවති ජන හමුවකදි අමාත්‍යවරයා එසේ පැවසීය.
"ආණ්ඩුව දැඩි මුල්‍ය අර්බුදයකට පත්ව සිටිනවා. එම නිසා මේ වසරේදි රජයේ කියන කිසිදු ආයතනයක අළුතින් රැකියා දෙන්නේ නෑ. මුදල් ඇමතිතුමාත් පැහැදිලිවම කියලා තියෙනවා. මම දැනටමත් පෞගලික අංශයට රැකියා සදහා පන්සීයක් පමණ යොමුකර තිබෙනවා. ඉදිරියේදි තවත් පෞගලික අංශයට යොමු කරන්න කටයුතු කරනවා.
මේ වසරේදි ආහාර අර්බුධයට විසදුමක් ලෙස ගෙවතු වගා කළ යුතුයි. මේ වන තෙක් වගා නොකර තිබෙන වතු ඉඩම් ඌන උපයෝගිතා පනත යටතේ රජයට පවරා ගන්නවා. මාස හයක් වගා කරන්න කල් දෙනවා ඒත් වගා කළේ නැතිනම් පවරාගෙන ගමේ වත්තේ ජනතාවට වගා කරන්න ලබා දෙනවා.
කොරෝනා වසංගතයත් සමග ආණ්ඩුව කරන්න බලාපොරෝත්තු වු දේවල් සියල්ල කරන්න බැරි වුණා. සංචාරක කර්මාන්තය කඩා වැටීම නිසා ඩොලර් බිලියන පහක ආදායමක් රටට අහිමි වුනා.
කොයි රජය තිබුනත් මේවාට විසදුම් හොයන්න බෑ අපේ රජයේ අඩුපාඩු නෑ කියන්න බෑ. ඒවා හදාගෙන ඉදිරියට යා යුතුයි. ආණ්ඩුව ගෙනියන්න මන්ත්‍රිවරු 113ක් හිටියම හොදටම ඇති 156ක් අවශ්‍ය නෑ අපි කවදාවත් ද්වේශයෙන් දේශපාලනය කරන්නේ නෑ.
අපෙන් වුන වැරදි හදාගෙන ගියොත් අපි ආරක්ෂාවෙයි නැතිනම් අපි විනාශයි.ගුරු වැටුප් ප්‍රශ්ණය රජය අනාගත්තා ප්‍රමාද වුනා වැඩියි නමුත් ප්රශ්නය විසදුවෙත් ගෝඨාභය ජනපතිතුමයි වෘත්තීය නායකයින් සමග ගණුදෙනු කිරීමේ අඩුපාඩු තිබුනා.
කාබනික පොහොර යෙදවීම හොද බව ජනපති කීවත් ගොවීන් පිලිගත්තේ නෑ. ඉදිරියේදි රසායනික පොහොර ගෙන්වන තැනට රජය තීරනය වෙනස් කලා. ගොවීන්ට කාබනිකද රසායනිකද කියලා පොහොර වෙන්කරලා වගා කරන්න අවස්ථාව ලැබෙනවා"
ලුණුගල ප්‍රසන්න පද්මසිරි

popular news
-
Deepal Nirosh Tuesday, 11 January 2022 08:05 AM
රජයේ රැකියා නැහැ කියනව නම් මේ...මේ...මේ.... අවුරුද්දෙ පළාත් සභා ඡන්දය පවත්වන්න කටයුතු සූදානම් කරන්නෙ මොකට ද? තිබ්බොත් රජයේ රැකියා කී දාහක් මැවෙනව ද කියල නො දැන ද මේ කතා කරන්නෙ? අපි චීන පොහොර කාල නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

