රජයේ හෝ පළාත් සභා කාර්යාලයක හෝ රජයේ පාඨශාලාවක, පළාත් පාලන ආයතනයක, වෙනත් රාජ්‍ය සංස්ථා හෝ ව්‍යවස්ථාපිත මණ්ඩල සතු ආයතනයකදී පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයන් වෙනුවෙන් ඡන්දය ආයාචනා කිරීමේ, අත්පත්‍රිකා බෙදීමේ, හෝ වෙනත් එවැනි කාර්යයන් සිදු කිරිම හෝ රැස්වීම් පැවැත්වීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
මෙවැනි කාර්යයන් කිරීමට අවස්ථාව ලබා නොදීම රජයේ ආයතනවල ප්‍රධානීන්ගේ හා උප කාර්යාල ප්‍රධනීන්ගේ වගකීම බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.