රාජ්‍ය භාෂා ප්‍රවීණතාව සම්පූර්ණ කිරීම සඳහා ලිඛිත හා වාචික පරික්ෂණ වෙනුවට නිශ්චිත පැය ගණනක පාඨමාලා සම්පූර්ණකර එම අවශ්‍යතාව සපුරා ගැනීමට හැකිවන පරිදි නව විධිවිධාන සකසා ඊට අදාළ ප්‍රතිපත්තිමය එකඟතාවකට එළැඹීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පැවැසීය.
රාජ්‍ය භාෂා ප්‍රවීණතාව සම්පූර්ණ කර ගැනීම සඳහා දැනට පවතින ක්‍රමවේදනය වෙනස් කළ යුතු බවට විවිධ පාර්ශ්ව විසින් ඉදිරිපත් කළ නියෝජයන් සැලකිල්ලට ගනිමින් මෙම නව විධිවිධාන සකසා ඊට අදාළ යෝජනා අමාත්‍ය මණ්ඩලයට වෙත යොමුකිරීමට නියමිතය.
ඒ අනුව 2020/06/30 ක් තෙක් ලබාදී තිබූ අනෙකුත් රාජ්‍ය භාෂා ප්‍රවීණතාව සම්පූර්න කිරීම සඳහා වන සහන කාලය තවදුරටත් දිර්ඝ කිරීමටද නියමිතය.
මේ අනුව අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලද පසු තම වැටුප් වර්ධක නතර වූ නිළධාරීන්ට තමන්ගේ වැටුප් වර්ධක ලබා ගැනීමට තිබූ බාධාවද මෙයින් ඉවත් වෙයි.
එසේ වුවද කිසියම් නිලධාරියෙකුගේ සේවා ව්‍යවස්ථාවේ හෝ බඳවා ගැනීමේ පටිපාටියේ කිසියම් පන්තියකට/ශ්‍රේණියකට උසස්වීමේ අවශ්‍යතාවක් ලෙස අනෙකුත් රාජ්‍ය භාෂා ප්‍රවීණතාව සම්පූර්ණ කළ යුතුව ඇත.