සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ (15දා) සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ ඉහළ නිලධාරියෙකු විසින් එහි සේවිකාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමක් සම්බන්ධයෙන් ප්‍රචාරය වූ වීඩියෝව සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව එහි සභාපති නීතිඥ සාරණ කරුණාරත්න මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ මෙම සිදුවීම 2015 වසරේ ජූනි මාසයේදී සිදුවූ සිදුවීමක් බවත් ඒ සඳහා කරන පරීක්ෂණ සඳහා සභාපතිවරයා ලෙස තමන් කිසිඳු මැදිහත්වීමක් සිදුකර නොමැති බවයි.
එසේම නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු සහයෝගය තමා විසින් ලබාදී ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.