හෙට දිනයේදී රාජ්‍ය හා පෞද්ගිලික සේවකයන් සේවයට වාර්තා කිරිමේදී රාජ්‍ය අංශ සේවකයන් පෙරවරු 8.30ට ප්‍රථමත් පෞද්ගලික අංශ සේවකයන් පෙරවරු 10.00ට ප්‍රථමවත් වාර්තා කිරීම සුදුසු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“ආයතන ප්‍රධානීන්ගේ දැනුම් දීම මත සේවා ස්ථානවලට වාර්තා කරනවා. රාජ්‍ය අංශයේ යම්කිසි සේවකයන් වාර්තා කරනවානම් උදෑසන 8.30ට පෙර වාර්තා කිරීම සුදුසුයි.
පුද්ගලික අංශ ආරම්භ කිරීමට නියමිත උදෑසන 10.00ට මේ වෙලාවට කටයුතු කිරීම ඉතාමත් උචිත වෙනවා.
රජයේ වාහන සවස 3ත් 4ත් අතර පිටව යෑම සුදුසුයි. පුද්ගලික අංශයේ වාහන සවස 4ත් 5ත් අතර පිටව යෑම ඉතාමත් සුදුසුයි. සේවා මුර පවත්වාගෙන යන ආයතනවලට මෙම උපදෙස් අදාළ නෑ.
පුද්ගලික වාහන වලින් එනවනම් සනාථ කරගෙන පැමිණිය යුතුයි. පුද්ගලික ගමන් සඳහා බස්නාහිර පළාතේ ගමන් කිරීමට හැකියාවක් නෑ.
සේවයට වාර්තා කිරීමේදී තමන්ගේ සේවා ස්ථානයේ හැඳුනුම්පත් භාවිත කිරීම අනිවාර්ය වෙනවා.
සේවයට කැඳවා ඇති බවට පෙන්වීමට කුමන හෝ සාක්ෂියක් තිබිය යුතුයි.”