පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විට යල කන්නයේ අස්වැන්න ගොවින් විසින් නෙලමින් පැවැතියත් රජය හෝ වී අලෙවි මණ්ඩලය විසින් මෙම කන්නයේ වී මිලදි නොගැනිම නිසා පුද්ගලික මෝල් හිමියන් විසින් තුට්ටු දෙකට වී මිලදි ගන්නා බව ගොවිහු පවසති.
මේ පිළිබඳ ගොවින් වැඩිදුරටත් පවසා සිටින්නේ දැඩි නිඟයත් සමග විවිධ බාධක මැද බොහෝම අමාරුවෙන් තම වගාවන් විනාශ විම වලක්වා ගත් බවයි. නමුත් මේ වන විට පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා වී අස්වැන්න නෙළමින් පවතින බවත් මෙතෙක් වී අලෙවි මණ්ඩලය හෝ රජය කිසිදු මැදිහත් විමක් නොවිම නිසා වී මිල පුද්ගලික වී මෝල් හිමියන්ට අවශ්‍ය පරිදි තුට්ටු දෙකට වී මිල දි ගැනිම් සිදු කරන බවයි. ගොවින් පවසා සිටින්නේ සෑම යලමහ කන්නයෙදිම අස්වැන්න නෙළිමට මාසයකට පමණ පෙර සිට වී අලෙවි මණ්ඩලය විසින් දිස්ත්‍රික්කය පුරා දැන්විම් දමා මිලදි ගැනිම් මධ්‍යස්ථාන අරඹා වී මිල දි ගැනිමට කටයුතු සිදු කරන බවයි.
නමුත් මෙම කන්නයේ එසේ කිසිදු වී මිල දි ගැනිම් මධස්ථානයක්වත් වී සදහා රජය විසින් නිකුත් කරන සහතික මිලක්වත් මෙතෙක් සිදු කර නොමැති බවයි. එසේ රජය විසින් වී සදහා සහතික මිලක් නම් කලා නම් පුද්ගලික වෙළන්දා එම මිලට වඩා වැඩි මිලකට ගොවින්ගේ වී මිල දි ගන්නා බවයි. ගොවින් පවසන්නේ රටතුල සහල් සදහා මිල අනුමත කිරිම සිදු කරන්නේ පුද්ගලික වි මෝල් හිමියන් වන බැවින් වී සදහාත් රටපුරා සිටින ගොවියන් සියල්ලම වී අලෙවී මණ්ඩලය හා රජය විසින් පුද්ගලික මෝල් හිමියන්ට විකිණිමට කටයුතු සිදු කලා දැයි බලධාරින්ගේන් විමසා සිටි.
මේ සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ සභාපති කස්තිරු අනුරාධනායක මහතා පවසා සිටියේ,
මෙම කන්නයේ වී මිල අපි වැඩි කිරිමට කටයුතු සිදු කර එය අනුමත කර ගැනිම සදහා කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කළා. එය අනුමත වු පසු නාඩු කිලෝවක් සදහා සහතික මිල රුපියල් 43ක් ද , සම්බා කිලෝවක් සදහා රුපියල් 46ක මිලකට ලබා ගැනිමට සුදානමින් සිටින්නේ. කෙසේ නමුත් කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය තාම ලැබි නැ. එය ලැබුණු විගස පොළොන්නරු දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 25ක් පමණ විවෘත කර වී මිලදි ගැනිම් කටයුතු සිදු කරන බව සභාපතිවරයා පැවැසුහ.
ගිය මාස් කන්නයේ වී අලෙවී මණ්ඩලය විසින් නාඩු වී කිලොවක් රුපියල් 38ත් සම්බා කිලෝවක් 41කටත් මිල දි ගැනිමට කටයුතු කිරිම නිසා පුද්ගලික වෙළඳුන් විසින් ඉහළ මිලකට ගොවින්ගේ වී ලබා ගත් බවයි. මෙම කන්නයේ අස්වැන්න නෙළිම ආරම්භ කර ඇතැත් ගොවින්ගේ වී සදහා මිල නියම කර රජය විසින් නොවන බවයි. වී මිලදි ගනු ලබන්නේ පොළොන්නරුවේ පුද්ගලික වී මෝල් හිමියන් විසින් බවත් මෙම ක්‍රියාව නිසා ගොවින් කබලෙන් ලිපට වැටි ඇති බවත් ගොවිහු පවසති.