රජයේ තීරණාත්මක කටයුතුවලට බාධාවක් නොවන බව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් ප්‍රධාන සන්නිවේදන මෙවලම් දෙකක් හඳුන්වාදී තිබේ. එය දැනටමත් රජයේ ප්‍රධාන ආයතන ගණනාවක් විසින් අනුගමනය කරන බව නියෝජිතායතනය කියයි.
පවතින තත්ත්වය තුළ රජයේ එදිනෙදා කටයුතුවල අඛණ්ඩතාව පවත්වා ගැනීම ඉතා වැදගත් බව පෙන්වා දෙන නියෝජිතායතනය, රාජ්‍ය අංශයේ සියලුම ප්‍රධාන ආයතන අතර තත්‍යකාලීන තොරතුරු හුවමාරු කරගැනීම (Real Time Information Sharing) සහ සන්නිවේදනය කිරීම, රාජ්‍ය ආයතන සහ සේවකයන් සම්බන්ධ කිරීම මේ අවස්ථාවේ අත්‍යවශ්‍යම කරුණක් බවද කියයි.
මෙම එක් මෙවලමක් වඩාත් ඵලදායී ලෙස සන්නිවේදනය සඳහා කැපවී ඇති අතර එමගින් වෙනත් බොහෝ ප්‍රයෝජනවත් පහසුකම් සමග පණිවිඩ හුවමාරුවද ඇතුළත් බවද නියෝජිතායතනය පෙන්වා දෙයි. මෙමගින් රජයට බාධාවකින් තොරව සම්බන්ධීකරණ ක්රියාදාමයකින් තම නිලධාරීන් අතර නොමිලේ සන්නිවේදනය කිරීමට හැකි බවද කියයි.
දෙවැනි මෙවලම වීඩියෝ සම්මන්ත්රණ අවශ්‍යතා සපුරාලන (Open Source) ලද විවෘත කේත නිෂ්පාදනයක් බවත්, https://meet.gov.lk/ සමග ඕනෑම රජයේ ආයතනයකට මේ හා සම්බන්ධ වීමෙන් බාධාවකින් තොරව අදාළ නිලධාරීන් සමග වීඩීඕ සංවාද මණ්ඩප මගින් එකම මොහොතක විශාල පිරිසක් සමග නිවෙස්වල සිටම එක්වී කටයුතු කළ හැකි බවත් නියෝජිතායතනය පෙන්වා දෙයි.
විශේෂාංග රැසක් ඇති අතර ලංකා රජයේ තොරතුරු යටිතල පහසුකම් පද්ධතියෙහි (LGII) සහාය ඇතිව ආරක්ෂිත ලෙස ශ්‍රී ලංකා රජයට පමණක් හිමිකම් ඇති ලංකා රජයේ මෙඝය (LGC) මේ මෘදුකාංග සඳහා පහසුකම් සපයා ඇති බවද නියෝජිතායතනය පවසයි. රාජ්‍ය නිලධාරීන්ට මේ පහසුකම් නොමිලේ සැපයෙන අතර, අමාත්‍යාංශ, පළාත් පාලන ආයතන, දෙපාර්තමේන්තු රැසක නිලධාරීන් හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නිලධාරීන් මේ කටයුතු මේ වනවිටත් ඉතා සාර්ථක ලෙස සිදුකරමින් සිටින බවද පවසා සිටින නියෝජිතායතනය, අනෙකුත් නිලධාරීන්ට 011-2497900 මගින් අවශ්‍ය සහාය ලබාගත හැකි බව වැඩිදුරටත් පවසයි.