රජය කෙරෙහි මානව හිමිකම් කොමිසමේ විශ්වාසයක් තියෙනවා - රාජිත
වත්මන් රජය කෙරෙහි ජිනීවා මානව හිමිකම් කොමිසම විශ්වාසය තබා ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
කොළඹ ඊය් (18) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකින් පසු මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසිය.
ශ්‍රී ලංකාවට එල්ල කර ඇති මානව හිමිකම් චෝදනා විසඳිම සඳහා තවත් වසර 02ක කාලයක් ජිනීවා මානව හිමිකම් කොමිසම මගින් ලබාදීම පිළිබදව රජයේ අදහස කුමක් දැයි මාධ්‍යවේදීන් මෙහිදී විමසා සිටියහ.
එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
“රජයට මානව හිමිකම් කොමිසම මගින් තවත් වසර 02ක කාලයක් ලබාදීම ලැබූ ජයග්‍රහණයක්. සියලු දෙනාම වත්මන් රජය මානව හිමිකම් කොමිසම හමුවේ කොටු කරන්න හැදුවා. නමුත් කොමිසම ශ්‍රී ලංකා රජය පිළිබද විශ්වාසයක් තබා වසර 02ක කාලයක් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා ද වෙනම නියෝජිත පිරිසක් කොමිසමට යවන්න හැදුවා. නමුත් රජයේ නියෝජිත පිරිස කොමිසම හමුවේ නිවැරදිව කරුණු දක්වා තිබෙනවා. අපේ රජයට සතුරන් සිටින්නේ පිට විතරක් නොව ඇතුලත ද සිටින බව තේරුම් ගත යුතුයි. බාධක මැද රජය ප්රගතිශීලී ලෙස ජාතික ප්රශ්නය විසඳිමට පියවර ගන්නවා යනුවෙන් පැවසිය.”

popular news
-
rocky Tuesday, 19 March 2019 04:59 PM
අපට නම් කොහෙත්ම නැහැ!
Reply : 0 0
Deepal Nirosh Tuesday, 19 March 2019 05:02 PM
නැතුව,නැතුව,මේ වගේ රජයක් ගැන විශ්වාසයක් තබන්න බැරිනම් මානව හිමිකම් කොමිසම කවුරු ගැන විස්වාසය තියන්න ද? ඉදිරි අවුරුදු දෙක ඇතුළත පැවැත්වෙන මැතිවරණ දෙකේ (?) ප්‍රතිඵල අනුව සහන කාලය තව අවුරුදු 05කින දිගු කරන්නත් බැරි නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

