පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියන්ගේ සංසදයේ සභාපතිනිය ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඞ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පත්වී තිබෙනවා.
එම සංසදයේ උපසභාපති තනතුරුවලට පත් කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිණී කවිරත්නයි.
පාර්ලිමේන්තු මන්ති‍්‍ර සංකීර්ණයේ පැවති එම සංසදයේ පළමු රැස්වීමේදී මෙම පත්වීම් සිදුකර තිබෙනවා.
එම රැස්වීමට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන තලතා අතුකෝරළ, හරිනි අමරසූරිය, ඩයනා ගමගේ, කෝකිලා ගුණවර්ධන සහ මංජුලා දිසානායක එක්ව සිටි බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ.