රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් මහතාගේ මඩකලපුව, සින්නිවුර්නි ප්‍රදේශයේ පිහිටි සිය නිවස ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුව ඇත.
එම වෙඩි තැබීමෙන් වැලි ටිපර්රථ රියදුරෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේය.ෙ
ටිපර් රථ රියදුරු හා පොලිස් කොස්තාපල්වරයා අතර මීට දින කිහිපයකට ඉහතදී බහින් බස් වීමක් සිදුව තිබේ.
ඉන් අනතුරුව ඒම රියදුරු ත්‍රි රෝද රථයකින් ගමන් කරන අවස්ථාවේදී මෙමෙ වෙඩි තැබීම සිදුව තිබේ.
රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර පොලිස් කොස්තාපල්වරයා සිද්ධිය වූ ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන තිබේ.