විදෙස්ගත වෙලා ඉන්න දෙමළ ඩයස්පෝරාව විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්න ද්‍රවිඩ ජාතික සන්ධානය හරහා මන්ත්‍රීවරයෙකු රුපියල් කෝටි පනහ බැගින් මිලදී ගන්න එක්සත් ජාතික පක්ෂය හරහා දැන් සල්ලි මළු ගණන් පාර්ලිමේන්තුව වෙත පැමිණෙමින් පවතින බව රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.රංජිත් සොයිසා මහතා පැවසීය.
ඇඹිලිපිටිය නගරයේ 30දා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ,
අධිකරණ තීන්දුවකින් බලය පිහිටවූ රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ බහුතරය මේ වනවිට හීන වෙමින් යනනවා. ඒ නිසා රටේ ගැටලූ රැසක් නිර්මාණය වෙමින් පවතිනවා. මේ සුළුතර ආණ්ඩුව අච්චාරු ආණ්ඩුවක්. ඇමති මණ්ඩලය තේරීමේ දී ඇති වූ අර්බුදය ජනතාව අතර ආන්දෝලනයට ලක්ව පවතිනවා. දේශපාලනය ගැන උනන්දුවක් දක්වන මාධ්‍ය බලන, කියවන අය ඉදිරියේ ඇමති කෝළම රඟ දක්වනවා. ඇමතිකම් ඉල්ලන බඩගෝස්තරවාදීන්ගේ මඩගොහොරුවක් බවට අද යූඇන්පිය පත්වෙලා.
දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඇමති මණ්ඩලය තිහට වඩා වැඩි නොකරන්න ජනාධිපතිතුමා තීරණය කිරිම ගැන අපි සතුටු වෙනවා. නවීන් දිසානායක මන්ත්‍රීවරයා කියනවා ඇමති මණ්ඩලය තව වැඩි කළ හැකියි කියලා. යම් විදියකින් ඇමති මණ්ඩලය වැඩි කළොත් අපි ප්‍රධාන විපක්ෂය හැටියට ඒකාබද්ධ විපක්ෂය විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සමග ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා යනවාමයි.
විදෙස්ගත වෙලා ඉන්න දෙමළ ඩයස්පෝරාව විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්න ද්‍රවිඩ ජාතික සන්ධානය හරහා මන්ත්රීවරන් මිලට ගන්න සල්ලි රටට පොම්ප කරන බව අපට ආරංචි වෙලා තියෙනවා. ඔන්න දැන් ආයෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මිලක් ඒගෙන එනවා. එක් මන්ත්‍රීවරයෙකු රුපියල් කෝටි පනහකට මිලදී ගන්න දෙමළ ඩයස්පෝරාව, ද්‍රවිඩ ජාතික සන්ධානය ඔස්සේ එක්සත් ජාතික පක්ෂය හරහා දැන් සල්ලි මළු ගණන් පාර්ලිමේන්තුව වෙත පැමිණෙමින් පවතිනවා.
ඒ නිසා එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ යන මේ හවුල මැතිවරණ කල් දමමින් ක්‍රියා කරන්නයි මේ උත්සාහ ගන්නේ. නමුත් විපක්ෂය විදියට අපි පොරොන්දු වෙනවා කවුරු සල්ලිවලට අරගත්තත් විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න ඉඩ දෙන්නේ නෑ කියලා.