අයුතු ජන රාශියක සාමාජියෙක්ව සිටිමින් පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ්භාරයේ සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ටී රංජිත් සොයිසා මහතා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත නිදහස්කරන ලෙස පැල්මඩුල්ල මහේස්ත්රාත් ජනිතා රෝෂිනී පෙරේරා මහත්මිය ඊයේ (27දා) නියෝග කළාය.
සැකකාර මන්ත්රීවරයා සමග තවත් පුද්ගලයන් තිදෙනෙක් රිමාන්ඩ්භාරයේ පසුවන අතර ඔවුන් වෙනුවෙන් මෝසම් මගින් ඇප ඉල්ලීම් ඉදිරිපත් නොවීය.
මෝසම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වු ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, අනුර ප්රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, පවිත්රාදේවි වන්නිආරච්චි, යන නීතිඥ මහත්ම මහත්මීන් අතුළු නීතීඥවරු විශාල පිරිසක් සැකකරු වෙනුවෙන් අධිකරණයේ දී නැගී සිටියහ.