කවුරුන් කුමක් කීවද 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සඳහා ආණ්ඩුවට ජනවරමක් ලැබී ඇති බවත් ඒ නිසා කුමන බාධක ආවත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනිවාර්යෙන්ම අහෝසි කරන බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමට ජනතාවගේ බහුතරය අකැමැති බවට සමීක්ෂණයකින් හෙළි වුයේ යැයි රාජිත සේනාරත්න මහතා කරන ප්‍රකාශය අසත්‍යයක් බවයි. බොරු සමික්ෂණ වාර්තා වලින් ජනතමය යටපත් කළ නොහැකි බව පවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණිමට අවශ්‍ය නම් ඊට ඉඩ ලබා දීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු බොහෝ දෙනෙකු ඉදිරිපත් වීමට කැමැත්තෙන් සිටින බව ද පැවැසීය.
19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමට ඉඩ නොදෙන බව පවසමින් හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා මාධ්‍ය වෙත කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දැක්වීම සදහා අද (27දා) කැදවා තිබු මාධ්‍ය හමුවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. මාධ්‍ය හමුව අද උඩුගම්පොළ කාර්යාලයේ දී පැවැත්විණි.
“පහුගිය මහ මැතිවරණයේ දී අපි ජනතාවගෙන් තුනෙන් දෙකක බලයක් ඉල්ලුවේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරන්න. ජනතාව ඒ බලය අපිට දුන්නා. ජනතාව ජනාධිපති කෙරෙහිත් අගමැති කෙරෙහිත් ඒ විශ්වාසය තැබුවා. දැන් අපි ඒ විශ්වාසය තහවුරු කරන්න ඕන. ඒ නිසයි අපි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරන්න කටයුතු කරගෙන යන්නේ.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනාවේ රට ගොඩනගන්න නෙමෙයි. රාජපක්ෂලාගෙන් පළිගන්න. නංගි පෙන්නලා අක්කා දුන්නා වගේ වැඩක් කළේ. ජනාධිපතිවරණයට තුන් පාරක් ඉල්ලන්න බෑ කියන වගන්තිය ගෙනාවේ මහින්ද මහත්තයා නැවත මේ රටේ ජනාධිපති වෙන එක වළක්වන්න. රාජපක්ෂ පවුලේ කෙනෙක් රටේ නායකයා වෙන එක වළක්වන්න තමයි ද්විත්ව පුරවැසිභාවය පිළිබද නීතිය දැම්මේ. 35 ට වැඩි කළේ නාමල් එයි කියන බයට.
යහපාලන ආණ්ඩුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනාවේ රාජපක්ෂලා භීතිකාව නිසයි. 19 වන ස්වාධින කොමිෂන් සභා පත් කළා කිවුවට එහෙම එකක් වුණේ නෑ. මේක ගෙනාපු හිටපු ජනාධිපතිවරයාම කිව්වා 19 න් රට අරාජික වුණා කියලා. යහපාලනය කාලේ ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් බෙදීම නිසා රට ඉදිරියට නෙමෙයි ගියේ පසුපසට.
19 කෑලි කෑලි අරගෙන මේක සංශෝධනය කරනවාට වඩා සම්පූර්ණයෙන්ම අහෝසි කරලා එහි ඇතුළත් වුණු තොරතුරු පනත වගේ හොද කාරණා ඇතුළත්ව 20 වන සංශෝධනයක් ඉදිරිපත් කිරීම තමයි අපේ අරමුණ.”