විනාශ වී ගිය ආර්ථිකයක්, පිරිහී ගිය සදාචාරයක් සහිත රටක් භාරගනිමින් ගත වූ වසර කිහිපය තුළ උපරිම වේගයෙන් වැඩ කළ බවත්, ඒ නිසා මෙම ජනාධිපතිවරණ සටන නිසැකවම ජයගන්නා බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
මහලේකම්වරයා මේ අදහස් පළ කළේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ඊයේ (12) කුලියාපිටියේ පැවති ජනහමුවට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා,
“අවුරුදු තුනහමාරක් තිස්සේ හොඳම අමාත්‍යාංශ ටික ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීලා, පළාත් සභා පවා නැතුව, රාජපක්ෂලා ඉවරකරල ගියපු භාණ්ඩාගාරය, විනාශ කරල ගිය ආණ්ඩුව, ඔවුන් විනාශ කරලා ගිය සදාචාරය, මේ රටේ ආර්ථිකය, මේ රටේ ජාත්‍යන්තරව අපට තිබුණු කීර්තිය, මේ හැම දෙයක්ම නැති කරල ගිය රටක් භාර අරගෙන අපි කරපු හරිය මදිද කියල මම තමුන්නාන්සෙලාගෙන් අහන්න කැමතියි. තමුන්නාන්සෙලා දන්නවා අපි හොඳට කැප වෙලා වැඩ කළා. අපට යන්න පුළුවන් උපරිම වේගයෙන් අපි වැඩ කළා .
ගොඩක් අය බලාගෙන හිටියා එක්සත් ජාතික පක්ෂය කැඩෙයි. විවිධ කොටස්වලට භේද වෙයි කියලා. නමුත් අපිට පුළුවන්කම ලැබුණා සජිත් ප්‍රේමදාස මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ඇතුළු අපේ නායකයො හැම කෙනෙක් ම එක දරමිටක් වගේ එකමුතු වෙලා මේ ජනාධිපතිවරණ සටනට එන්න අපට පුළුවන් වුණා. මම ආඩම්බර වෙනවා මේ යුගයේ පක්ෂයේ මහලේකම් හැටියට මේ සටන මෙහෙයවන්න අපේ උපරිම කැපවීම ලබා දෙන්න හැකිවීම ගැන. අද මේ කුලියාපිටියට ආව ජන ගංගාවෙන් ම පේනවා මේ සටන අපි දිනනවා කියලා. ”යැයි ද සඳහන් කළේය.