(UPDATE) රාගම රෝහලින් පැන ගිය කොවිඩ් ආසාදිතයා නැවත පොලිස් භාරයට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. ඔහු නැවතත් රෝහල් ගත කර තිබේ.
කොරෝනා ආසාදිත රෝගියෙක් රාගම රෝහලින් පැනගොස් ඇති අතර ඔහුව සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.
සාමාන්‍ය තත්ත්වය යටතේ කොරෝනා ආසාදිතයෙකුගේ ඡායාරූපයක් පළ නොකරත් බහුතරයකගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහුගේ ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කරන බව පොලීසිය පවසයි.
ඔහු පිළිබඳව තොරතුරක් දන්නේ නම් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දන්වන ලෙස පොලීසිය පවසයි.
අවුරුදු 65ක් වන අංක 307, නුවර පාර, පෑලියගොඩ පදිංචිව සිටි සරත් කුමාර නැමැති අයෙකු සොයා ගැනීම වෙනුවෙන් පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.