ඉන්දියාවේ කොවිඩ්-19 ඛේදවාචකය හමුවේ රෝහල් ඇඳක් හෝ ඔක්සිජන් සපයා ගැනීම දක්වා කඩිනම් සහන සේවා වෙනුවෙන් ඉන්දියානුවන් සමාජ මාධ්‍යවල සහාය ලබමින් සිටියත්, ඒ සමාජ මාධ්‍ය තුළින්ම තමන් වෙත එල්ල වන ප්‍රතිරෝධය මැඬපැවැත්වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
එහි ආසන්නතම සිදුවීමක් ලෙස පසුගිය මාසය අවසාන භාගයේදී ඉන්දීය රජයේ ඉල්ලීමක් පරිදි කොවිඩ්-19 පිළිබඳ ට්විටර් පණිවුඩ කිහිපයක් ඉවත් කිරීමට ට්විටර් සමාගම කටයුතු කළේය.
ඒ අනුව සමාජ මාධ්‍ය සමාගම්වල විශාලතම වෙළෙඳ පොළ දුෂ්කර තත්වයකට පත්ව ඇති අවස්ථාවක ඉන්දීය පාලනය ඒ වෙත අතපෙවීම අරඹා ඇත්තේ, මතභේදාත්මක පෝස්ට් ඉවත් නොකරන බවට මෑතකදී හඳුන්වාදුන් නව නීති පිළිබඳවද තැකීමක් නොකරමින් බව කියැවෙයි. මෙම පසුබිම තුළ ඉන්දියාව තුළ මෝදි විරෝධී දැඩි කතිකාවතක් ඇතිවී තිබෙන අතර, ඉන්දී්‍ය පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයද මෙම මහා ඛේදවාචකය නොසලකා හැරි බවට ජනතාව චෝදනා කරයි.
දිනෙන් දින ඉහළ යන ආසාදන සමග ඉන්දියාවේ දෛනික ආසාදන ගෙවීගිය පැය 24 තුළ 392,488ක් වාර්තා වී ඇති අතර, වසංගතයේ වඩාත් දරුණුතම දෛනික මරණ සංඛ්‍යාව වාර්තා කරමින් මරණ 3,689ක් වාර්තා කර තිබේ.