ඉතාලියේ කොවිඩ් 19 ආසාධිතයන් තහවුරු කරගැනිමේ දෛනික PCR පරික්ෂණ වැඩිකරලීමේ ප්‍රතිඵලයක් ලෙස ඊයේ (27දා) PCR පරික්ෂණ 94,024 ක් සිදුකර කොවිඩ් ආසාදිතයන් 1411 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි .
සමාජය තුළ තහවුරු නොවූ හා රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන කොවිඩ් 19 ආසාධිතයන් සොයා ගොස් PCR පරික්ෂණ සිදු කිරිමේ ක්‍රියාවලිය වේගවත් කරන බවද ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ දිනයේදි ඉතාලියේ කොවිඩ් 19 මරණ 5 ක් වාර්තා වි තිබේ. ඊයේ දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් මරණ 35,463 ක් හා සමස්ත ආසාදිතයන් 2,63,951ක් වාර්තා වු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
චන්දන ප්‍රනාන්දු