නැවත ප්‍රතිඅපනයනය කරන බවට රේගුවට ප්‍රකාශ කරමින් තීරු බදු රහිතව 2018 වසරේ කොළඹ වරාය ඔස්සේ ශ්‍රී ලංකාවට රැගෙන විත් සීදුව ප්‍රදේශයේ බන්ධිත ගුදමක සගවා තිබූ බහාලුමක් යළි විවෘත කිරීමේදී එම මත්පැන් වෙනුවට පානීය ජල බෝතල් ඇතුළු කර රජයට රුපියල් කෝටි 04ක අලාභයක් සිදු කිරීම පිළිබඳව රේගු දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
ඉකුත් 2019 වසරේ නොවැම්බර් මස ප්‍රති අපනයන කිරීමේ දී අදාළ තීරු බදු ගෙවීමේ එකගතාවය මත මෙම අඩි 40 ක් දිග , විදේශීය නිෂ්පාදිත මධ්‍යසාර ලීටර් 11,257 ක් අඩංගු බහාලුම ශ්‍රී ලංකාවට 2018 වසරේදී රැගෙන විත් තිබුණි .
එහෙත් මේ වනතුරුත් මෙම බහාලුම ප්‍රතිඅපනයනය නොකිරීම පිළිබඳව රේගු අධ්යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකා රේගු නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව විමර්ශන කටයුතු අරභා තිබුණි .
පසුව විමර්ශන නිලධාරීන් මෙම බහාලුම ගබඩා කර ඇති සීදූව ප්‍රදේශයේ බන්ධිත ගුදම වෙත ගොස් එය විවෘත කර පරීක්ෂා කර බැලීමේදී ,ඒ තුළ විදේශීය මධ්‍යසාර වෙනුවට පානීය ජලය ලීටර් 01 බැගින් වූ බෝතල් 15 බැගින් අඩංගු පෙට්ටි 1,179 ක් සහ තවත් හදුනා නොගත් ද්‍රව්‍ය ලීටර් 200 බැගින් අඩංගු බැරල් 20 ක් ද ඇති බව අනාවරණය කර ගෙන තිබේ .
මෙම සිදුවීම මගින් රජයට රුපියල් කෝටි 04 කට අධික මුදලක් මෙම ආනයනකරුවන් වංචා කර ඇති බව රේගුව ගණන් බලා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය .
ඒ අනුව මෙම බහාලුම ශ්‍රී ලංකාවට ආනයනය කළ පාර්ශවකරුවන් 07 දෙනෙකු සොයා මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .