උඩප්පුව පල්ලිවාසල්පාඩුව වෙරළට අද අලුයම ගසාගෙන ආ හෙරෝයින් පාර්සලය පිළිබඳව උඩප්පුව පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
කිලෝග්රෑම් එකක් බරැති මෙම හෙරොයින් පාර්සලය පල්ලිවාසල් පාඩුව වෙරළට ගසා තිබියදී එය ධීවරයෙකු විසින් දැකඇති අතර පසුව ඔහු උඩප්පුව පොලීසියට පැමිණිලි කර ඇත.
මෙම හෙරොයින් පාර්සලය මීට දින ගණනාවකට ඉහතදී මුහුදට වැටී ඇති බව පොලීසිය පවසයි. මෙම හෙරොයින් පාර්සලය ජාවාරම්කරුවන් විසින් මුහුදටදමාඇති එකක් බවට පොලීසිය සැක කරයි.
ලලිත් නවරත්න