ඇඳිරි නීතිය පැවැති කාලයේදී සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයින්ට ලබා දුන් රුපියල් පන්දහසේ දීමනාව පාසල් මුරකරුවන්ට අහිමි කර තිබෙන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය සඳහන් කරයි.
පළාත් සභා යටතේ හා මධ්‍යම රජය යටතේ පාසල් මුරකරුවන් දස දහසකට ආසන්න ප්‍රමාණයක් පාසලේ අඛණ්ඩව සේවය කරමින් සිටින බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් තිලකරත්න මහතා සඳහන් කළේය.
කිසිදු මුරකරුවෙකුට අතිකාල දීමනා හෝ වෙනත් දීමනා ලබානොදෙන බවත්, එවන් තත්ත්වයක් තුළ ඇඳිරි නීති කාලය තුළ සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයින්ට ලබාදෙන දීමනාව අහිමි කිරීම දැඩි අසාධාරණ ක්‍රියාවක් බවද වැඩිදුරටත් පවසා සිටියේය.