ආසියානු රටවල් 14ක යුනෙස්කෝ ජාතික කොමිෂන් සභා හා එක්ව 2022-2029 සඳහා වූ මධ්‍ය වාර උපායමාර්ග සැකසීම් කාර්යයන්හි උප ප්‍රාදේශීය උපදේශන සභාපතීත්වය දැරීම ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර මෙම සභාපතීත්වය ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ ලේකම් ජනරාල් ආචාර්ය පුංචි නිලමේ මීගස්වත්තේ මහතා වෙත පවරනු ලැබ ඇත.
යුනෙස්කෝ මධ්‍ය වාර උප ප්‍රාදේශීය උපදේශන සැසිවාරය 2020 ජූනි 22වන සඳුදා ආරම්භ වන අතර මෙම සැසිවාරය මඟින් යුනෙස්කෝ මධ්‍ය වාර උපාය මාර්ග සැකසීම, යුනෙස්කෝ කොමිසම හා එක්ව උප ප්‍රාදේශීය උපදේශන සභාපතීත්වය ඉසිලීමේ දී 2022-2029 සඳහා යුනෙස්කෝ මධ්‍යම වාරික උපායමාර්ග සැකසීම සහ 2022-2025 සඳහා වැඩසටහන් හා අයවැය ලේඛනය සැකසීම ද සිදු කිරීමට නියමිත ව ඇත.
කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර රටවල් අතර උපදේශන කටයුතු පැවැත්වෙනුයේ මාර්ගගත (online) ක්‍රමයටයි. මේ සඳහා ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, භූතානය, ඉන්දියාව, ඉරාන් ඉස්ලාමීය සමූහාණ්ඩුව, කසකස්ථානය, කිර්ගීස් සමූහාණ්ඩුව, මාලදිවයින, නේපාලය, පකිස්ථානය, ශ්‍රී ලංකාව, ටජිකිස්ථානය, තූර්ක්මෙනිස්තානය සහ උස්බෙකිස්තානය යන රටවල් සහභාගී වීමට නියමිතයි
