යුධ අපරාධ පරික්ෂණ කල් දමන්නේ අපරාධ කරුවන්ට පැන යාමටයි - විග්නේශ්වරන්
යුද සමයේදී සිදු වූවා යැයි පැවසෙන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට මෙරටට දෙමුහුන් අධිකරණයක අවශ්‍යතාවය සිදුව ඇති බවත් ශ්‍රී ලංකාවට වසර දෙකක කාලයක් නැවත ලබා දීම අනුමත කල නොහැකි බවට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා නිවේදනයක් මගින් පවසා ඇත.
එහිදී වැඩිදුරටත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ,
‘පසුගියදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කල 40-1 යෝජනාව මගින් තවත් වසර දෙකක කාලයක් ලබා දීම යුද අපරාධ කරුවන්ට පැන යාමට ඉඩ ලබා දීමක්. තෙවසරක් ගතව ඇතත් ආරක්ෂක අංශ භාරයේ ඇති ඉඩම් මුදා හැරීම ත්‍රස්තවාදය වැලක්වීමේ පනත අහෝසි කිරීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වී ඇති බවටය.
එබැවින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වරියගේ විශේෂ නියෝජිත වරයෙක් මෙරටට පත්කරන ලෙසටත් එම කාර්යාලය අනිවාරයෙන්ම උතුරු හෝ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටිවිය යුතු බවටය .
නව යෝජනාව මගින් මෙරට රජයට අවස්ථාව ලබා දී ඇත්තේ 30 -1 යෝජනාවේ අඩංගු කරුණු ඉටු කිරීමට බැවින් යුද සමයේදී සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට දෙමුහුන් අධිකරණයක් ස්ථාපිත කළ යුතු බවටත් 2015 වසරේ කොමිසන් සභා වාර්තාව සම්බන්ධයෙන් විමසා බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉන්දීය හිටපු අගවිනිසුරු වරයෙකුගේ සභාපතීත්වයෙන් යුත් ජාත්‍යන්තර ස්වාධීන විද්වත් කමිටුවක් පත් කොට ඇති හෙයින් එය පූර්වාදර්ශයක් කොට ගෙන දෙමුහුන් අධිකරණයක් පිහිටවිය යුතු බවටත් පෙන්වා දි ඇත.

popular news
-
Champa Sunday, 31 March 2019 04:50 PM
ලෝකෙටම ආදර්ශයක් විදිහට ඉස්සෙල්ලම මහා බ්‍රිතාන්‍යය කරන්න ඕනේ තමන් කරපු යුධ අපරාධ ගැන හොයන්න දෙමුහුන් යුධ අධිකරණයක් පිහිටුවන එක. ඊට පස්සේ ඉස්සෙල්ලම තමන්ටම දඬුවම් දී ගන්න එක. ඊට පස්සේ තමයි අනිත් රටවලට ඇඟිල්ල දික් කරන්න පුළුවන් වෙන්නේ. ඇන්ටන් බාලසිංහම් කියන බ්‍රිතාන්‍ය ජාතික ත්‍රස්තවාදී න්යායචාර්යවරයාට තමන්ගේ රටේ ඉඳගෙන අවුරුදු 30ක් තිස්සේ ශ්‍රී ලංකාවේ සිවිල් වැසියන් LTTE ත්‍රස්තවාදය හරහා ඉවක් බවක් නැතුව ඝාතනය කරන්න ඉඩ දුන්නට සහ අදටත් LTTE ත්රස්තවාදීන්ට රැකවරණය දෙන, මිනිස් ජාවාරම, අවි ජාවාරම සහ මත්ද්‍රවය ජාවාරම, සහ කප්පම් ගැනීම් හරහා උපයාගත් LTTE ත්රස්තවාදීන්ගේ කළු සල්ලි අදටත් ආරක්ෂා කරදීමේ වරදට බ්‍රිතාන්‍යයට අනිත් රටවල් දියයුතු දඬුවම මොකක්ද? ඉස්සෙල්ලම එක්සත් ජාතීන් බ්‍රිතාන්‍යය තමන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කරන්න ඕනේ. ඊට පස්සේ අනිත් ශිෂ්ඨ රටවල් බ්‍රිතාන්‍යයට සම්බාධක දාන්න ඕනේ. ඔන්න ඊට පස්සේ පුළුවන් විග්නේශ්වරන්ට කතා කරන්න.
Reply : 0 0
Nandana Monday, 01 April 2019 09:27 PM
මුට කොහෙහරි ලොකු amaruwak තියනවා . මගේ ගාව ඕකට බෙහෙත් තියනවා,බටර් ටිකක් විතරක් අරන් වරෙන්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

