යුද හමුදාවෙහි පිරිස් බලය කප්පාදු කිරීමට තීරණයක් ගෙන ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.
ඒ මහතා අද (21දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් යුද හමුදාව තුළ ක්‍රියාත්මක සංස්ථා යථායෝග්‍ය ප්‍රමාණකරණය කිරීම යන ශීර්ෂය යටතේ යුද හමුදා අධ්යක්ෂ ජනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල්ජී. ඩී. අයි කරුණාරත්නගේ අත්සනින් නිකුත් කර ඇති ලිපියක් උපුටා දක්වමින් එසේ නියෝග කර ඇතැයි පැවසවා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, ඒ යටතේ යුද හමුදා බලඇණි 33ක් අහෝසි වෙනවා. ඒ අතර නිත්‍ය බලඇණි 14ක් සහස්වේච්ඡා බලඇණි 19ක් තිබෙනවා. එහිදී කොමිෂන් ලත් හමුදා නිලයන් 1000කට ආසන්න ප්‍රමාණයක් සහ සෙසු නිලයන් 23,266ක් ඉවත් වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ පිරිස් බලය 25%කින්අඩු වෙනවා.
මේ ඊනියා සංස්ථා යථායෝග්‍ය ප්‍රමාණකරණය යටතේ ඉහත බලඇණි 33ට අයත් ජාතික ආරක්ෂාව කෙරෙහි ඉතා තදින් බලපාන උතුරු ප්‍රදේශයේ හමුදා කඳවුරු ඇතුළු හමුදා කඳවුරු 100කට වැඩි ප්‍රමාණයක් ඉවත් කෙරෙනවා.
ඒ අනුව නන්දිකඩාල් ප්‍රදේශයේ හමුදා කඳවුරු 04ක්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ හමුදා කඳවුරු 04ක්, යාපනය ප්‍රදේශයේ හමුදා කඳවුරු 04ක්, ඉරණමඩු ප්‍රදේශයේ හමුදා කඳවුරු 04ක්, මුලතිව් ප්‍රදේශයේ හමුදා කඳවුරු 04ක්, තලෙයිමන්නාරම ප්‍රදේශයේ හමුදා කඳවුරු 04ක්, මැණික්ෆාම් ප්‍රදේශයේ හමුදා කඳවුරු 04ක්, පේදුරුතුඩුව ප්‍රදේශයේ හමුදා කඳවුරු 04ක්, තුනුක්කායි මල්ලාවි හමුදා කඳවුරු 04ක්, වවුනියාව පෙරියමඩු හමුදා කඳවුරු 04ක්, පුනරින් හමුදා කඳවුරු 04ක්, කිළිනොච්චි හමුදා කඳවුරු 04ක් ආදී වශයෙන් උතුරේ ආරක්ෂක මර්මස්ථානවල පිහිටි බොහෝ හමුදා කඳවුරු තවත් මාසයක් ඇතුළත ඉවත් කෙරෙනවා.“යැයි පැවසීය.