යුද හමුදා ඇඳුම් සහ හෙරෝයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරිමට අවසර
හෙරෝයින් මත්කුඩු, යුධ හමුදා නිල ඇදුම් හා රුපියල් ලක්ෂ ගණනක මුදල් තොගයක් සමග අහුන්ගල්ල ,වැලිකන්ද ,බෝගහපිටිය ප්‍රදේශයේදි ඊයේ (2 ) සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගැණුනු සැකකරු අද (3 ) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදි ඔහුව අගෝස්තු 9 දක්වා රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට බලපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් සම්න්ත ආබ්‍රෙව් මහතා පොලීසියට අවසර ලබා දුන්නේය.
මෙසේ රදවා තබාගෙන පොලීසියට ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේ අහුන්ගල්ල වැලිකන්ද බෝගහපිටිය පදිංචි හදුන්නෙත්ති රවීන්ද්‍ර දේශාන්ත නමැත්තාටය.
හෙරෝයින් මත්කුඩු ග්රැම් 4යි මිලිග්රැම්130ක් ,යුධ හමුදා නිල ඇදුම් 10යක් හා රුපියල් 697,600ක සමග සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකායේ අලුත්ගම කදවුරේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සදහා අහුන්ගල්ල පොලීසියට භාරදෙන ලදි.
අහුන්ගල්ල පොලීසිය විසින් සැකකරු අද (3 ) පස්වරුවේදි බලපිටිය අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
කරන්දෙණිය - සුසිල් ප්‍රියන්ත

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
