යාපනය කන්කසන්තුරෙයි පොලිස් වසමේ සේවය කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු අද (03දා) දහවල් රාජකාරි කරමින් සිටියදී සිය ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කන්කසන්තුරෙයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ ආරක්ෂක රාජකාරි කටයුතු කරමින් සිටි පොලිස් කොස්තාපල් 91757 දරන එන්.නසීර් නමැති නිලධාරියෙකි.
ඔහුගේම ගිනිඅවියෙන් වෙඩි තබාගෙන දිවි හානි කරගෙන ඇති අතර වෙඩි තබාගැනීමෙන් පසුව බරපතළ තත්ත්වයේ සිටි පොලිස් නිලධාරියා රෝහලගත කිරීමෙන් අනතුරුව මෙලෙස ජීවිත්ක්ෂයට පත්ව තිබේ.
පෞද්ගලික හේතුවක් මත මෙලෙස දිවි හානි කරගන්නට ඇතැයි සැක කරන අතර කන්කසන්තුරෙයි පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
