යාපනයේ ක්රියාත්මක අලුත් කල්ලියක 13ක් අත්අඩංගුවට
යාපනයේ ක්රියාත්මක ආවා කල්ලියට අමතරව අයි නමින් හැඳින්වෙන නවතම කල්ලියක සාමාජිකයන් 13 දෙනෙකු පොලිස් විශේෂ මෙහෙයුමකින් අනතුරුව ඊයේ (24) අත්අඩංගුවට ගත් බව පලෙයි පොලීසිය පවසයි.
කොඩිකාමම් එලුදුමට්ටුවාල් ප්රදේශයේදී පසුගියදා අත්අඩංගුවට පත් තරුණයන් දෙදෙනෙකුගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී මෙම කල්ලිය පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමෙන් අනතුරුව සිදුකළ මෙහෙයුමකින් පලෙයි මරදන්කේනි ප්රදේශයේදී අදාළ සාමාජිකයන් 13 දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ තිබී කඩු ඇතුළු තියුණු ආයුධ කිහිපයක් හා පොලු මුගුරු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිරිසෙහි ඇතැම් සාමාජිකයන් ආවා ක්රියාකාරකම්වලට හවුල් වී ඇති අතර පසුව එම පිරිස් විසින්ම අයි නැමැති කල්ලියක් නිර්මාණය කරගනිමින් පුද්ගල පහරදීම් කිහිපයක් සිදු කොට තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අද (25) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පලෙයි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
