වවුනියාව පූවරසන්කුලම පිහිටි යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ කළමණාකරණ පීඨය පිහිටි ස්ථාපිත භූමියේ ඊයේ (28) සවස හදීසි ගින්නක් හට ගෙන අක්කරයක පමණ භූමි භාගයක් ගිනිගත් බවට පූවර්සන්කුලම් පොලීසිය පවසයි.
වෙනත් ප්‍රදේශයක කිසියම් පුද්ගලයෙකු විසින් ගිනි තැබීමෙන් පසුව විශ්වවිද්‍යාල භූමියට පැතිර ඇති බවට සැක පල වී ඇති අතර පවතින දැඩි පෑවිල්ල හේතුවෙන් ගින්න ශ්‍රිඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇත.
අනතුරුව ගින්න පිළිබඳව සරසවි සිසුන් විසින් පූවර්සන්කුලම් පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය විසින් නගරසභා ගිනි නිවීමේ ඒකකයට දැනුම් දී අදාළ ස්ථානයට පැමිණ ගිනි නිවීමට උත්සාහ දැරීය.
පැයක පමණ පරිශ්‍රමයක් දරා පූවර්සන්කුලම් පොලීසිය හා ගිනිනිවීමේ නිලධාරීන්ද එක්ව සරසවි සිසුන්ගේද සහයෙන් ගින්න නිවා දැමිමට පියවර ගත්හ.
ගින්නෙන් විශ්වවිද්‍යාල භූමියේ ගොඩනැඟිලි වෙත හානියක් සිදුනොවු බවද පූවර්සන්කුලම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

