යාපනය කොටු පරිශ්‍රය හමුදාවට තහනම් කලාපයක් බවට පළ වන වාර්තා අසත්‍ය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඊයේ (01දා) යාපනයේදී පැවසීය.
යුදහමුදාපතිවරයා ඊයේ දින යාපනය කොටුවේ සංචාරයක නිරත වීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.
“මම හැමෝටම කියන්න කැමතියි ශ්‍රී ලංකා යුද හමුදාව මෙම ප්‍රදේශයන්හි කටයුතු කරන්නේ සැහෙන කාලයක ඉඳන් යාපනයේ කොටුව ඇතුළත යුද හමුදාව ඉන්න ප්‍රථම අවස්ථාව මෙය නෙමෙයි.
ඉතින් වසර ගණනක ඉඳන් හමුදාව මෙහි හිටියා වගේම ඉදිරියටත් ඉන්න කටයුතු කරනවා. අපිට විශේෂ හේතුවක් නැහැ මෙතනින් පිටවෙලා යන්න.
කවුරුන් හෝ පුරවැසියෙක් හරි එහෙම නැත්නම් රජයේ ආයතනයක් හෝ මේ ස්ථානයට එනවානම් අපි සාදරයෙන් පිළිගන්නවා වගේම එයාලා එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න සුදානම්."
මධුශංක අමරසිංහ
