නව කොරෝනා වෛරස වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා අගුලු දැමීමේ පියවර (ලොක්ඩවුන්) පිළිබඳ දීර්ඝ කාලීන විවේචකයෙකු වූ බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ පවසා ඇත්තේ වෛරසයේ දෙවැනි රැල්ල පාලනය කිරීම සඳහා රටවල් නැවත අගුලු දැමීම් ආරම්භ කිරීම පිස්සුවක් බවය.
එක්සත් ජනපදය මෙන්ම, බොහෝ බටහිර රටවල් සහ ලතින් ඇමරිකාවේ සමහර කොටස් පසුගිය සති කිහිපය තුළ ඔවුන්ගේ ඉහළම දෛනික ආසාදන වාර්තා කර ඇති පසුබිමක බොල්සොනාරෝ මෙම අදහස් දැක්වීම සිදුකර තිබේ.
එහිදී එක්සත් ජනපදය හැරුණු විට අනෙකුත් බොහෝ රජයන් නවතම ආසාදන රැල්ල පාලනය කිරීමට ලොක්ඩවුන් ඇතුළු දැඩි පියවර ගැනීමට පටන් ගෙන තිබේ.
වසංගතය ආරම්භ වූ දා සිට, බොල්සොනාරෝගේ නව කොරෝනා වෛරස ප්‍රතිපත්තිය යළි යළිත් ප්රතිරාව නැංවූයේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග එකම මාවතක යමිනි. ඔවුන් දෙදෙනාම කියා සිටියේ ලොක්ඩවුන් එකකට යෑම ආර්ථිකයට බලපාන බැවිනි දැඩි අගුලු දැමීමේ සීමාවන් ක්‍රියාත්මක නොකරන බවය.
කෙසේ වෙතත් මේ වනවිට බ්‍රසීලය ලොව තෙවැනි වැඩිම ආසාදිතයන් වාර්තා වන රාජ්‍ය ලෙස සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 5,535,605ක් වාර්තා කරන අතර, ලොව දෙවැනි වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා කරන රාජ්‍ය ලෙස වෛස්‍ය ආශ්රිත මරණ 159,884ක් වාර්තා කරයි.