2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති වාහන සංඛ්‍යාව 2,515,546 ක්. එසේම, එම වාහන ආනයනය කරන්නට වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 1,239 ක්.
අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, 06/04/2021 , ඩේලි නිව්ස්
https://mcusercontent.com/28995e1d18b16aa894488fab9/images/1152a16e-439d-4c39-a9ee-8f4202260a4b.jpg
අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පසුගිය වාහන ආනයනයන් සඳහා වූ වියදම ගැන හරි පාරේ
රාජ්‍ය අමාත්‍ය කබ්රාල් විසින් සිදුකළ මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදි බව පිරික්සීම සඳහා FactCheck මගින් අපනයන සංවර්ධන මණ්ඩලයේ සංඛ්‍යාලේඛන පරිශීලනය කර ඇත. FactCheck මගින් මෙහිදී රාජ්‍ය අමත්‍යවරයාගේ ප්‍රකාශයට අදාළ සමස්ත වාහන ප්‍රමාණය ගණනය කිරීම සඳහා, HS කේත (සමගාමී පද්ධති කේත) අංක 8701 සිට 8716 දක්වා වන “දුම්රිය හෝ ට්රෑම් රථ යන්ත්‍ර හා මැදිරි, සහ ඒවායේ කොටස් හා උපාංග හැර වෙනත් වාහන” යන කාණ්ඩයේ සමස්ත සංඛ්‍යාලේඛනයන් සැලකිල්ලට ගෙන ඇත.
එසේම, එම ගණනය කිරීමේදී 8706 සිට 8709 දක්වාත්, 8712 සිට 8716 දක්වාත් (සියළුම මෝටර් රහිත වාහන සහ අමතර කොටස් උප කාණ්ඩයන්) වන HS කේත අත්හැර ඇත.
මෙම දත්ත වලට අනුව, 2015 සිට 2019 දක්වා කාලය තුළ ආනයනය කළ සමස්ත වාහන සංඛ්‍යාව 2,631,612 කි. එම සඳහන් කාලය තුල ආනයනය කළ සමස්ත වාහන සංඛ්‍යාවේ වටිනාකම රුපියල් බිලියන 1,239.7 ක් වී ඇත. මෙම සංඛ්‍යාවන් රාජ්‍ය අමාත්‍ය කබ්රාල්ගේ ප්‍රකාශයේ එන සංඛ්‍යාවන් හා ආසන්නව සමපාත වේ.
ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය නිවැරදි යැයි අපි ප්‍රකාශ කරමු.
*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.
නිදර්ශක අංක 1: සමස්ත වාහන ආනයන 2015 - 2019
|
ආනයනය කළ වාහන සංඛ්‍යාව
|
ආනයනය කළ වාහන වල වටිනාකම
|
2015
|
863,881
|
287,322,635,344
|
2016
|
468,918
|
193,912,290,374
|
2017
|
460,254
|
205,081,719,501
|
2018
|
494,497
|
337,958,529,579
|
2019
|
344,062
|
215,481,935,054
|
එකතුව
|
2,631,612
|
1,239,757,109,852
|
නිදර්ශක අංක 2: භාවිතා වූ HS කේත
ආනයන වටිනාකම්
|
විස්තර
|
සමස්ත අගය
|
8701
|
ට්‍රැක්ටර් (8709 ශීර්ෂයෙහි එන ට්‍රැක්ටර් වලට අමතරව)
|
46,854,501,005
|
8702
|
රියැදුරුද ඇතුළුව පුද්ගලයින් දස දෙනෙකු හෝ ඊට වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කරන මෝටර් රථ
|
68,442,578,293
|
8703
|
මූලික වශයෙන් පුද්ගලයින් ප්‍රවාහනය කිරීම සඳහා සකස් කර ඇති, ස්ටේෂන් වැගන් සහ රේසින් කාර්ද ඇතුළු මෝටර් රථ සහ වෙනත් මෝටර් වාහන (8702 ශීර්ෂයේ ඇතුළත් ඒවා හැර)
|
686,094,986,859
|
8704
|
භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන මෝටර් වාහන
|
239,678,645,301
|
8705
|
මූලික වශයෙන් පුද්ගලයින් හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා හෝ සකස් කරන ලද වාහන හැරෙන්නට තිබෙන්නා වූ විශේෂ කාර්ය මෝටර් වාහන (උදාහරණ: ඇදගෙන යන රථ, දොඹකර ලොරි, ගිනි නිවන රථ, කොන්ක්‍රීට් මිශ්‍ර කරන ලොරි රථ, මාර්ග අතුගාන ලොරි රථ, ඉසීම් ලොරි රථ, ජංගම වැඩපළවල්, ජංගම විකිරණ ඒකක)
|
15,797,481,883
|
8706
|
8701 සිට 8705 දක්වා ශීර්ෂයන්හි එන මෝටර් වාහන සඳහා එන්ජින් සවි කළ චැසි
|
ඇතුළත් කර නැත
|
8707
|
8701 සිට 8705 දක්වා ශීර්ෂයන්හි මෝටර් වාහන සඳහා වාහන බඳ (කැබ් ඇතුළුව)
|
ඇතුළත් කර නැත
|
8708
|
8701 සිට 8705 දක්වා ශීර්ෂයන්හි එන මෝටර් වාහන සඳහා අමතර කොටස් හා උපාංග
|
ඇතුළත් කර නැත
|
8709
|
ස්වයං චාලක බලයකින් යුතු, එසවුම් හෝ මෙහෙයුම් උපකරණ සවි නොකළ, කෙටි දුර භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා කර්මාන්තශාලා, ගුදම්, ජැටි හෝ ගුවන්තොටුපල වැනි ප්‍රදේශයන්හි සාමාන්‍යයෙන් භාවිත වන වැඩ ට්‍රක් රථ; දුම්රිය ස්ථාන වේදිකා වැනි තැන්වල සාමාන්‍යයෙන් භාවිතා වන ට්‍රැක්ටර් රථ; ඉහත සඳහන් වාහන සඳහා අමතර කොටස්
|
ඇතුළත් කර නැත
|
8710
|
යුධ ටැංකි සහ වෙනත් සන්නාහ සන්නද්ධ මෝටර් ක්‍රියාකාරී යුධ වාහන, ආයුධ සවි කොට හෝ නොකොට, සහ එවැනි වාහන සඳහා අමතර කොටස්
|
1,524,867,469
|
8711
|
යතුරුපැදි (සැහැල්ලු යතුරුපැදි ඇතුළත්ව) සහ උපකාරී මෝටර සවි කර ඇති සයිකල්, සයිඩ් කාර් සහිතව සහ රහිතව; සයිඩ් කාර්
|
181,364,049,042
|
8712
|
මෝටර් ක්රියාකාරීත්වයක් නොමැති බයිසිකල් සහ වෙනත් සයිකල් වර්ග (බෙදාහැරීම් කටයුතු සඳහා උපයෝගී වන ට්රයිසිකල් ඇතුළත්ව)
|
ඇතුළත් කර නැත
|
8713
|
ආබාධ සහිත වූවන් සඳහා වන, මෝටරයකින් ක්‍රියාත්මක වන හෝ වෙනත් යාන්ත්‍රික ක්‍රියාකාරිත්වයක් සහිත හෝ රහිත කරත්ත
|
ඇතුළත් කර නැත
|
8714
|
8711 සිට 8713 දක්වා ශීර්ෂයන්හි එන වාහන වල අමතර කොටස් සහ උපාංග
|
ඇතුළත් කර නැත
|
8715
|
ළදරු කරත්ත සහ ඒවායේ කොටස්
|
ඇතුළත් කර නැත
|
8716
|
ට්‍රේලර් සහ අර්ධ-ට්‍රේලර්; යාන්ත්‍රිකව චලනය නොවන වෙනත් වාහන; ඒවායේ අමතර කොටස්
|
ඇතුළත් කර නැත
|
Source: අපනයන සංවර්ධන මණ්ඩලය, වෙළඳ සංඛ්‍යාලේඛන පර්යන්තය, දුම්රිය හෝ ට්රෑම් රථ යන්ත්‍ර හා මැදිරි, සහ ඒවායේ කොටස් හා උපාංග හැර වෙනත් වාහන, ප්‍රවේශය මෙතැනින්: https://stat.edb.gov.lk/