යහපාලන ආණ්ඩුව ආණ්ඩුව ගත්තේ පළි ගන්න බවත් ඒය රාජපක්ෂලාගෙන් පළි ගන්නයැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රජපක්ෂ මහතා පැවසීය.
ඊයේ (10) කෑගල්ලේදි පැවති රැස්විමකදි ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නාමල් රාජපක්ෂ මහතා ,
“ලංකා දේශපාලන ඉතිහාසයේ වේගයෙන් රටේ පළමු දේශපාලන බලවේගය බවට කෙටි කාලයකින් පත් වු දැවැන්ත දේශපාලන පක්ෂයක් එක්ක. මේ පක්ෂය හදනකොට අපේ හාමුදුරුවනේ නොයෙක් අභියෝග ආවා එක පැත්තකින් අපි මැතිවරණ පැරදිලා ශ්‍රීලනිප එක්සත් ජාතික පක්ෂයත් එක්ක සන්ධාන ගත වේලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පංච මහා බලවේගය එදා බණ්ඩාරනායක මහත්තයා ඩි.ඒ රජපක්ෂ මහත්තයා අපෙක්ෂා කරපු දේශපාලන චින්තය අතහැරලා එක්සත් ජාතික පක්ෂයේ චින්තනය වැළඳ ගත්තාට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු දේශපාලන බලවේගය තීන්දු කෙරුවා අපි ස්වාධින වෙන්න ඔනෑ කියලා. ඒ ආපු ගමනේදි ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමක් වෙනම දේශපාලන පක්ෂයක් නිර්මාණය කරන්න ඔනෑ කියන මතේ අපි හිටියා.
ජනපති මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමා ප්‍රසිද්ධ මාධ්‍ය වෙත ඇවිත් කිවා අලූතෙන් පක්ෂයක් හැදුවොත් අපි මහ පාරේ ඇවිද්දවනවා කියලා. අපි ඇවිද්දා අපි නුවර ඉදන් කොළඹට පයින් ගියා මැතිවරණයක් ඉල්ලාගෙන දේශපාලනය කරන කොට මහ පාරේ ඇවිදින එක මහ ලොකු දෙයක් නොවෙයි. හැබැයි රටට හරි දේ පක්ෂිකයාට හරි දේ අපි විශ්වාස කරන දේශපාලන දර්ශනය, චින්තනය, ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න කැප වෙන්න ඔනෑ.
පොදුජන පෙරමුණ තව හෝරා කිහිපයකින් පළමු පක්ෂ සම්මේලනය අපි තියෙනවා. එකේදි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පක්ෂ නායකයා බවට පත් වෙනවාග එතුමා විසින් මිළඟ ජනාධිපතිවරණයට අපෙන් ඉදිරිපත් කරන අපෙක්ෂකයා නම් කරනවා. අපි ආරම්භ කරනවා අලූත් දේශපාලන ගමනක්ග අතීතයේ දේශපාලනයේ ඉගෙන ගත්ත පාඩම් අපි කරපු දේවල් අපිට වැරදුන තැන් හදාගෙන අලූත් දේශපාලන ගමනක් අලූත් දේශපාලන චින්තනයක් දර්ශනයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ඉදිරිපත් වන ජනාධිපති අපෙක්ෂකයා ඇතුළු පිරිස හෙට සිට නව දේශපාලන ගමනක් අපි ආරම්භ කරනවා. ඒ තමයි මේ රට වැටිච්ච තැනින් ගොඩ නගන්න ගන්න උත්සාහය. එක මේ හැම කෙනෙක්ම දන්නවා.
2015 ට කලින් මේ රටේ ආර්ථික වර්ධන වේගය 8% ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වෙච්ච ආර්ථිකය. විරැකියා අනුපාතය සියයට 4.5 යි. මේ ඔනෑම නංගි කෙනෙක්ට මල්ලි කෙනෙක්ට ව්‍යාපාරයක් කරන්න ඔනෑ නම් බැංකුවකට ගිහින් 10% කට අඩුවෙන් පොලි අනුපාතික ණයක් ගන්න පුළුවන්. ආණ්ඩුව මැදිහත් වෙන්න ඔනෑ නැහැ සහන පොළිියක් දෙන්න ආණ්ඩුවට මැදිහත් වෙන්න වුවමනාවක් තිබුණේ නැහැ. ඔනෑම කෙනෙකුට ගිහින් අඩු පොළිියට ණයක් ගන්න පුළුවන් සාධාරණ පොළිියට බදු සාධාරණයි ගමේ පාරවල් ටික හැදුනා පන්සල හැදුනා පල්ලිය හැදුනා කෝවිල හැදුනා මහින්දෝදය විද්‍යාගාරය ගමට ආවා. තාක්ෂණ පිඨය ගමට ආවා විශ්වවිද්‍යාල ප්‍රවේශය වැඩි කලා. ඒ කාලේ අපේ ආණ්ඩුව තියෙන කොට.
මේ වසරේ තුන්ලක්ෂ හැටදහසක් උසස් පෙළ ලියනවා රංජන් රාමනායක මහත්තයා ඇතුළුව විසිඅටදහසකට විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්ග රංජන් රාමනායක මහත්තයාට යන්න පුළුවන් වෙයිද කියලා මං දන්නේ නැහැ. මේක තමයි යාථාර්ථය ඒ තත්ත්වය වෙනස් කරන්න තමයි තාක්ෂණික විශ්වවිද්‍යාල හැදුවේ. ගමට බොහෝ අධ්‍යාපන ක්‍රමවේද හඳුන්වා දුන්නත් අවාසනාවකට 2015 පස්සේ මේ සියල්ල කඩා ගෙන වැටුනා.
අපේ රට අද වන විට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණපාලා සිටිනවා. අසීමිත බදු බර මේ ගමේ රටේ ජනතාව බදු ගෙවන්න විරුද්ධ වෙන්නේ නැහැ. බදු ගෙවන්න කැමැතියි. හැබැයි ඒ බද්ද සාධාරණ වෙන්න ඔනෑ. ඒ ගෙවන බද්ද අසාධාරණ නම් ඒ අසාධාරණ බදු ගෙවන්න මේ රටේ ජනතාව සුදානම් වෙන්නේ නැහැ. අනික් පැත්තෙන් තමන් ගෙවන බද්ද රටට ආයෝජනය වෙන්න ඔනෑ. ගමේ පාර හැදෙනවා අපි දකින්න ඔනෑ නගර පුළුල් වෙනවා අපි දකින්න ඔනෑග රටේ ගමේ තොටේ පාරක් ඇළක් තොටක් හදන්න බැරිනම් ඒ ආණ්ඩුවට බදු ගෙවන්න මේ රටේ ජනතාව සුදානම් නැහැ. අද මහා ලොකු කොටිපති ව්‍යාපාරිකයන්ට බදු සහන දෙනවා.
පසුගිය දවසක මාගේ දිස්ත්‍රික්කයේ හම්බන්තොට තෙල් පිරිපහදුවක් හදනවා කියලා ලොකු කතාවක් ගියා. රනිල් මහත්තයා ගිහින් ලොකු උත්සවයක් කරලා මුල් ගලක් තිබුණා දැන් එක පැලවිලා එතන ඒහා පැත්තෙන් සිමෙන්ති කම්හලක් දාන්න අක්කර 200 ක් දුන්නා ව්‍යාපාරිකයෙකුට ඒ ව්‍යාපාරිකයාට හොරණිින් අක්කර 100 දුන්නා. ත්‍රිකුණාමලයෙන් අක්කර 700 ක් දුන්නා. මේ එක ව්‍යාපාරිකයෙකුට හැබැයි අක්කරය රුපියල් 100යි. අක්කරය රුපියල් 100යි. කර්මාන්තය ගෙනාවානම් කමක් නැහැ නමුත් හොරණ ටයර් පැක්ටරිය තාම හදලාත් නැහැ. හරියට එකත් ඔක්සගන් එක වාගේ තමය” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.