2015 වර්ෂයට පෙර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පුහුණු අභ්‍යාසලාභීන් ලෙස කටයුතු කළ 156ක පමණ කණ්ඩායමක් පසුගිය රජය විසින් ඉවත් කර තිබූ බවත් එම පිරිස යළිත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවයට බඳවා ගත් බවත් වරාය අධිකාරිය නිවේදනය කරයි.
ඔවුන් වෙනුවෙන පත්වීම් ලිපි ප්‍රධානය පෙරේදා සිදුකර තිබේ. මෙම අභ්‍යාසලාභීන් 156 බහුවිධ නිපුණතා ශිල්පි, ආරක්ෂක නියාමක, රියදුරු යන ක්ෂේත්‍ර ඔස්සේ
වරාය අධිකාරියේ විවිධ කොට්ඨාශයන් හී සේවයට අනුයුක්ත කර ඇත.