Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
නිදහස හා ප්රජාතන්ත්රවාදය තහවුරු කළ යහපත් පාලනයක් ඉදිරියේ දී රට තුළ ඇති කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 සහ 19 වන සංශෝධනයන් අහෝසි විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
18 වන ව්‍යවස්ථා සංශෝධන ක්රමයේ තිබූ රාජාණ්ඩු හා ඒකාධිපති ස්වරූපය හේතුවෙන් නව ආණ්ඩුවක් පිහිටුවා 19 වන සංශෝධනය ගෙන ආව ද එම සංශෝධනය හරහා එක දේශපාලන නායකත්වයක් යටතේ ගමන් කිරීමට නොහැකි වීමෙන් රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වූ බවත් ඒ තුළ යහපාලන රජයේ අරමුණු ඉටුකර ගැනීමට නොහැකි වූ බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියට වසර 40ක් සපිරීම වෙනුවෙන් අද (23) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිතුමා සඳහන් කළේ අද රටට අවශ්‍ය ඇත්තේ ජනතා සිතුම් පැතුම් හඳුනන ජන හිතකාමී පාලනයක් බවත් ඒ සඳහා රටට ආදරය කරන සහ අවංක දේශපාලන නායකයින් සිටිය යුතු බවත් ය.
රටේ සංවර්ධනයේ ශක්තිමත්ම බලඇණිය වන ලක්ෂ 16ක රාජ්‍ය සේවකයින් වංචාවෙන් දුෂණයෙන් තොරව තම වගකීම් නිසිලෙස ඉටුකරන්නේ නම් මහජන අවශ්‍යතා කඩිනමින් ඉටුකර දිය හැකි බව ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.
ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස හිමි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු අමාත්‍යවරියක වන ෆේරියල් අෂ්රොෆ් මහත්මිය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
කෂිනි හපුආරච්චි
popular news
Dayan Sunday, 23 June 2019 06:13 PM
ඒගොල්ලන්ගේ මෝඩකම් අපිට කියනවා.
Reply : 0 0
Don Sunday, 23 June 2019 11:27 PM
ගව්රවාන්විතව අයින් වුන නම් හොඳ කෙනෙක් තෝරාගන්න පුළුවන්!!
Reply : 0 0
shan Monday, 24 June 2019 12:25 PM
rate mulumahath janathawata wahama ahosiviya yuththe 18 හා 19 ව්‍යවස්ථා nowa danata rata palanaya karana kalakanni amana pahara desapalakayanwaya mowun mulu mahath desalapalana shasthrayenam athuga dameema lanaka wasee siyalu janayage ekayana balaporoththuwayi
Reply : 0 3
ARUNA Monday, 24 June 2019 01:02 PM
මොන තරම් හොද ආණ්ඩුක්‍රම නීති හැදුවත ඒවා ක්‍රියාත්මක කරන පුද්ගලයන් දුෂිත හා දියුණු නැතිනම් වැඩක් නැත. ලංකාවට මෙම තත්වය උදාවී ඇත්තේ ආණ්ඩුක්‍රම නීතිවල ප්‍රස්නයක් නිසා නොව ඒවා ක්‍රියාත්මක කරන්නන්ගේ ප්‍රශ්න නිසාය. 78 ආණ්ඩුක්‍රම නීතිය පවතිනවිට රටේ නායකයෝ බලය අයුතු ලෙස පාවිච්චි කළා. එයින් රටට විශාල හානියක් වුන. ඒ නිසා බලය අඩුකලා. දැන් බලය හරියට පාවිච්චි නොකිරීම් නිසා ප්‍රශ්න.
Reply : 0 0
priyanwada Monday, 24 June 2019 02:31 PM
ඔබතුමා ඉවත් වුණා උනානම් යහපත් හෙටක් සුවර්.
Reply : 0 0
dilal Monday, 24 June 2019 03:40 PM
19වෙනි වෙවස්ත සංසොදයෙනම් වරදක් නැහැ.ප්රශ්නය ඇතිවුනේ ඔබතුමාට විරුද්දව ජනාධිපතිවරණයේදී වැඩ කරපු පක්ෂයක සභාපතිකම අරගෙන ඒ අයගේ ලනු කෑමයි.ඔබතුමාගේ ජනාධිපතිවරණ ප්රකාශනය අරගෙන බලන්න ඒ පොරොන්දු ඉටුකරන්න ඉඩනොදුන්නේ කව්ද කියා.කවදත් අපේ රටේ විපක්ෂය ආණ්ඩුවක් හොදින් වැඩකරනවට කැමති නැහැ.එහෙම හොඳට වැඩ කොලොත් ආණ්ඩුවක් තමුන්ට ඉක්මනට බලයට එන්න බැහැ.විපක්ෂයේ ක්‍රියා මාර්ගය හරියටම හරිගියා.ඔබතුමාත් ආණ්ඩුවත් දෙකම අප්‍රසාදයට ලක්වුණා.ළඟ එන මැතිවරණවල ජය විපක්ෂයටයි.
Reply : 0 0
Amanda Monday, 24 June 2019 04:10 PM
යහපත් හෙටක් සදහා දේශපාලකයන් නීති ගරුක විය යුතය. බලකාමයෙන් මිදිය යුතුය. සදරත්මක විය යුතුය. බුද්ඩි මත් විය යුතුය. මන දේශපාලන පරිචයක් හා අත්දෙකීම් ඇත්තෙකු විය යුතුය. ආණ්ඩුක්‍රම නීති වලින් පමණක් යහපත් හෙටක් හැදිය නොහැක. මෙම ගුණාංග ඔබ සතු නොවීමයි ප්රශ්නය. පවතින ආණ්ඩුක්‍රම නීතිවල ප්‍රස්නයක් නොවේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd