ඇමති රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතා සිදුකළ රිය අනතුර සම්බන්ධයෙන් වූ නඩුව අද (28දා) හලාවත අධිකරණයේ දී විභාග වී තිබේ.
එහිදී රිය අනතුරෙන් අලාභ හානී වූ නිවසේ අඩුපාඩු රංගේ බණ්ඩාර මහතා විසින් මෙතෙක් සම්පූර්ණ කර නොමැති බවට අනාවරණය වී තිබෙන අතර එම නිවසේ හානි පූරණය ඔහුට නියම කළ ඇප කොන්දේසියක්ද වෙි.
එම නඩුව ලබන මස 05දා දක්වා කල්තැබූ හලාවත අධිකරණය එළඹෙන නඩු වාරයට පෙර අලාභ හානි වූ නිවසේ හානි පූරණය කරන ලෙසටද නියෝග කර තිබේ.
