ඉන්දියාවේ ප්‍රථම වරට සොයාගත් ඩෙල්ටා ප්‍රභේදය ඉදිරි මාසවලදී යුරෝපා සංගමයේ නව කොවිඩ්-19 රෝගීන්ගෙන් 90% ක්ම විය හැකි බව එම රෝග මර්දන ඒජන්සිය පවසයි.
"ඩෙල්ටා ප්‍රභේදයේ ඇස්තමේන්තුගත සම්ප්‍රේෂණ හැකියාව සහ ආකෘති අනාවැකි භාවිත කිරීම මත පදනම්ව, යුරෝපා සංගමයේ අගෝස්තු මුල වනවිට නව SARS-CoV-2 ආසාදනවලින් 70%ක්ද, අගෝස්තු අවසානය ආසාදනවලින් 90%ක්ද ඩෙල්ටා ප්‍රභේදයයි." රෝග නිවාරණය හා පාලනය සඳහා වූ යුරෝපීය මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
එක්සත් රාජධානියේ ප්‍රථම වරට සොයාගත් ඇල්ෆා ප්‍රභේදයට (B.1.1.7) වඩා ඩෙල්ටා ප්‍රභේදය (B.1.617.2) 40% සිට 60% දක්වා බෝවන බව රෝග නිවාරණය හා පාලනය සඳහා වූ යුරෝපීය මධ්‍යස්ථානය ගණන් බලා තිබේ.