යුරෝපයේ කොරෝනා වෛරස වසංගතයේ දෙවැනි රැල්ලක සලකුණු පවතින බව එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් ඊයේ (29දා) අනතුරු ඇඟවීය.
ස්පාඤ්ඤයේ සිට ආපසු පැමිණෙන පුද්ගලයන් සඳහා දින 14ක නිරෝධායනයක් පැනවීමට එක්සත් රාජධානිය ගත් තීරණය ගැන මාධ්‍යවේදීන් අමතමින් ජොන්සන්, "අපට කළ යුතුව තිබුණේ අවදානම යළිත් වරක් ඉහළ යාමට පටන් ගනී යැයි අප සිතන අවස්ථාවේදී කඩිනම් හා තීරණාත්මක පියවර ගැනීමයි." යනුවෙන් පැවසීය.
"අපේ සමහර යුරෝපීය මිතුරන් අතර යුරෝපයේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව අප නිරවුල්ව පැහැදිලි කරගත යුතු වෙනවා. මම හිතන්නෙ, සමහර ස්ථානවල වසංගතයේ දෙවැනි රැල්ලක සලකුණු ඔබ දැකීමට පටන් ගෙන ඇති" ජොන්සන් පැවසීය.
"අවසාන අවස්ථාවේදී සිදුවූ දේ අප හැමෝටම මතකයි. එබැවින් අප කරන ආකාරයට එක්සත් රාජධානියේ අවශ්‍ය සූදානම් කිරීම් සිදුකිරීම අතිශයින්ම වැදගත්." විශේෂයෙන්ම වසංගතය ආරම්භයේදී, සංචාරකයන්ට අගුලු දැමීම හෝ සීමා කිරීම් ක්‍රියාත්මක ක්‍රියාත්මක කිරීමේදී තරම් සෙමින් ක්‍රියා කළ බවට එක්සත් රාජධානියේ රජයට චෝදනා එල්ල විය.