අයර්ලන්තයේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යෑමත් සමග එරට සෞඛ්යාරක්ෂක පියවර 5 වැනි මට්ටම දක්වා ඉහළ දමමින්, මේ වනවිට යුරෝපයේ දැඩි කොරෝනා වෛරස පියවරයන් ක්‍රියාත්මක කළ රට බවට පත්ව තිබේ.
අයර්ලන්ත අග්‍රාමාත්‍ය මයිකල් මාටින් සඳුදා දිනයේ රටේ ආසාදිතයන් සංඛ්‍යාව 50,000ක් ඉක්මවා ගියවිට සීමාවන් ප්‍රකාශයට පත්කළ අතර, රට පුරා වසංගතය සමග පිරිහෙමින් පවතින තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා සති 6ක කාලයක් සඳහා මෙම සීමාවන් පැනවීමට නියමිත බව පවසා සිටියේය.
මාටින් බදාදා අග භාගයේ ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින්, "අද සවස, 5 වැනි මට්ටම දක්වා සෞඛ්යාරක්ෂක පියවර ඉදිරි සති හය සඳහා වැඩි කිරීම සිදුකළේ, අපගේ පවුල් සහ අපගේ ප්‍රජාවන්හි වඩාත් අවදානමට ලක්විය හැකි අයව ආරක්ෂා කිරීම සඳහා බව අප මතක තබා ගත යුතුයි. අපි ඒ අභියෝගය ජයගෙන පැමිණ නැවත එකිනෙකා හමුවෙමු." යැයි පවසා සිටියේය.
නව ක්‍රියාමාර්ග යටතේ අත්‍යවශ්‍ය සේවාවක් සපයන්නේ නැත්නම් නිවසේ සිට වැඩ කිරීමට ජනතාවගෙන් ඉල්ලා සිටියි. ගෙවල්වල සහ උද්‍යානවල සමාජ රැස්වීම් තහනම් නමුත් මිනිසුන්ට තම නිවෙස්වලට ආසන්න උද්‍යානවල ව්‍යායාම කිරීමට අවසර දෙනු ලැබේ. පාසල්, ළමා ආරක්ෂණ සේවා සහ අත්‍යවශ්‍ය සිල්ලර වෙළෙඳ සැල් සීමාවන් යටතේ විවෘතව පවතී. මෙම කාල සීමාව තුළ බාර් සහ අවන්හල් විවෘතව තැබීමට අවසර තිබුණත්, ඒ භාණ්ඩ රැගෙන යාමට පමණි.
පසුගිය සතියේ අයර්ලන්තය ඊට පෙර සතියට වඩා නව ආසාදිතයන් 2,000ක වැඩිවීමක් පෙන්නුම් කිරීමත් සමග, දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රජයට බල කෙරිණි.