යුරෝපයේ කුඩාම රටවලින් එකක් වන ලක්සම්බර්ග්, කොවිඩ් -19 ආසාදන ඉහළ යෑමෙන් පසුව ලොක්ඩවුන් සීමා ක්‍රියාත්මක කර තිබේ.
මේ සති අන්තයේ රට තුළ නව ආසාදිතයන් 1,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, යුරෝපයේ නරකම ආසාදන අනුපාතය තවමත් පවතී. සති අන්තයේ මරණ 6 ක් වාර්තා විය.
ඒ අනුව නව ලොක්ඩවුන් සීමා යටතේ,
රාත්‍රී 11.00 සිට පවතින ඇඳිරි නීතිය පෙ.ව. 6.00 දක්වා ක්‍රියාත්මකය.
ලොක්ඩවුන් සීමා සති තුනක් දැනට ක්‍රියාත්මක කළත්, එය දීර්ඝ කළ හැකි බවද කියයි.
බාර්, අවන්හල්, සිනමා ශාලා සහ ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන වසා දැමේ
සාප්පු, කෞතුකාගාර සහ කලාගාර විවෘතව පවතී.
සෞඛ්‍ය සේවා පද්ධතිය වඩා හොඳ තත්ත්වයක පැවතීම සඳහා දෛනිකව නව ආසාදිතයන් 500කට වඩා අඩු සංඛ්‍යාවක් ලබාගැනීම මෙහි අරමුණ බව ලක්සම්බර්ග් බලධාරීන් පවසයි.