කොවිඩ්-19 වෛරසයට එරෙහිව යුරෝපයේ එන්නත ලබාදුන් පළමු වැනි සර්බියානු අගමැති ඇනා බර්නාබික් පත්විය.
ට්විටර් පණිවුඩයක් යොමුකරමින් අගමැතිනිය කියා තිබුණේ, යුරෝපයේ එන්නත ලබාදුන් මුල්ම අගමැතිවරයා වීමට ලැබීම තමාට ගෞරවයක් බවයි. ඒ වගේම මේ එන්නත රට තුළ ලබාදීම ඇරඹීම මෙම සටනේ විශාල පියවරක් බවද ඇය කීවාය.
යුරෝපීය ඖෂධ ඒජන්සිය විසින් මෙම සතිය මුලදී ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත සඳහා කොන්දේසි සහිත අලෙවිකරණ අවසරයක් ලබා දුන් අතර එය යුරෝපා සංගමයේ බලයලත් පළමු කොවිඩ්-19 එන්නත බවට පත්විය.