ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (පීටීඒ) සමාලෝචනය කරන ලෙස සඳහන් කරමින් යුරෝපා සංගම් පාර්ලිමේන්තුව අද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කළේය.
යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ජීඑස්පී + සහනය තාවකාලිකව ඉවත් කර ගැනීම සඳහා ක්‍රියා පටිපාටියක් ආරම්භ කිරීම සඳහා ප්‍රමාණවත් හේතුවක් තිබේද යන්න අවසාන වශයෙන් සලකා බැලීමටද යුරෝපා සංගම් මන්ත්‍රීවරුන් යෝජනා කර තිබේ.
ස්පාඤ්ඤ/මොරොක්කෝ දේශ සීමාව, රුසියාව සහ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ යෝජනා තුනක් මෙසේ යුරෝපා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.
ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සම්මත වූයේ පක්ෂව ඡන්ද 628 ක්, විරුද්ධව 15 ක් සහ 40ක් ඡන්දය දීමෙන් වැළකී සිටීමෙනි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව සම්බ්ධයෙන් නිකත් කළ නවතම වාර්තාවෙන් විස්තර කර ඇති පරිදි, බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව යුරෝපා සංගම් පාර්ලිමේන්තුව සිය ගැඹුරු කනස්සල්ල පළ කරන බව යෝජනාවේ සඳහන් වේ.
සිවිල් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසියට පුළුල් බලතල ලබා දෙන මතභේදාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (පීටීඒ) අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ සාමාජිකයන් දැඩි විරෝධය පළ කළහ. .
මෙම යෝජනාව ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ පනත සමාලෝචනය කර අවලංගු කර ජාත්‍යන්තර ත්‍රස්තවාදී පිළිවෙත් අනුගමනය කරන ත්‍රස්ත විරෝධී නීති මගින් එය ප්‍රතිස්ථාපනය කරන ලෙසයි.
පීටීඒ වෙනුවට වෙනත් නීතියක් ආදේශ කිරීම සහ මානව හිමිකම් ඇතුළු ජාත්‍යන්තර සම්මුතීන් 27 ක් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම යන කොන්දේසි මත ශ්‍රී ලංකාවට 2017 මැයි 19 වන දිනබ නැවතත් ජීඑස්පී + ලැබුණි.
එබැවින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් බැඳීම්වල ප්‍රගතිය උදෙසා ජීඑස්පී + උපයෝගී කර ගන්නා ලෙස යුරෝපා කොමිසම සහ යුරෝපා සංගම් මන්ත්‍රීවරු ඉල්ලා සිටිති. ශ්‍රී ලංකාවේ ජීඑස්පී + තත්ත්වය තාවකාලිකව ඉවත් කර ගැනීම සඳහා ක්‍රියා පටිපාටියක් ආරම්භ කිරීම සඳහා ප්‍රමාණවත් හේතුවක් තිබේද යන්න අවසාන වශයෙන් සලකා බැලීමටද ඔවුන්ට අවශ්‍යය වී තිබේ.