යාපනය සංගානෙයි ප්රදේශයේ වෙළඳසැලකට කිසියම් පිරිසක් විසින් ඊයේ (03) රාත්රියේ පෙට්රල් බෝම්බ ප්රහාරයක් එල්ල කොට ඇති බවට යාපනය පොලීසිය පවසයි.
අදාළ පෙට්රල් බෝම්බ ප්රහාරයෙන් වෙළඳසැල ඉදිරිපස ගිනි ගෙන ඇති අතර, වෙළඳසැල තුළ තිබු භාණ්ඩවලටද හානිවි ඇත.
පෙට්රල් බෝම්බ ප්රහාරය එල්ල වන අවස්ථාවේදී වෙළඳසැල ඉදිරිපස සිටි දරුවන් දෙදෙනෙකුට හා වැඩිහිටියෙකුට සුළු තුවාල සිදුව ඇත.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම ප්රහාරය එල්ල කල බවට අනාවරණය වී ඇතත් අදාළ ප්රහාරය එල්ල කරන ලද දෙදෙනා මේ දක්වා හඳුනාගෙන නොමැති අතරම අදාළ ප්රහාරය ආවා කල්ලියේ ප්රහාරයක් බවට පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය සැක පල කර සිටියි.