යාපනය ශික්ෂණ රෝහලේ ගොඩනැගිල්ලක සිවුවන මහලේ සිට බිමට වැටීමෙන් කාන්තාවක් ඊයේ (30) දින මියගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.
අදාල කාන්තාව යාපනය ශික්ෂණ රෝහලේ පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත වූ සේවිකාවක් වන අතර ශික්ෂණ රෝහලේ 17 වාට්ටුවේ මියගිය කාන්තාව පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත වී ඇත.
මියගිය කාන්තාව කිසිවෙකු විසින් තල්ලු කොට වැටුනේද එසේ නැතිනම් තමන් විසින්ම පැන සියදිවි හානි කරගත්තේද නැතිනම් පිරිසිදු කිරීම්හි නරත වන අවස්ථාවේදී අත්වැරදීමකින් වැටුනේද යන්න පිළිබඳව සේවීමට පරික්ෂණයක් යාපනය පොලීසිය විසින් ආරම්භ කොට ඇත.
මෙසේ සිවුවන මහලෙන් වැටී මියගොස් ඇත්තේ යාපනය පලෙයි ප්රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක් බවට යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.