යාපනය කන්කසන්තුරෙයි කීරිමලෙයි මුහුදු තීරයට මියගිය තල්මසෙකුගේ මළ සිරුරක් ගොඩගසා ඇති බවට ප්රදේශවාසීන් පවසති.
අඩි 25 ක පමණ දිගකින් යුක්ත මෙම දැවන්ත තල්මසා මීට දින කිහිපයකට පෙර උතුරු ගැඹුරු මුහුදේදී මියගොස් ඇති බවටත් අනතුරුව කීරිමලෙයි මුහුදු තීරයට ඊයේ දින ගොඩ ගසා ඇති බවට වෙරලාක්ෂක නිලධාරීන් පවසති.
තල්මසා මියයාමට හේතුව නිශ්චිතවම මෙතෙක් අනාවරණය වී නොමැති අතර ධීවර ක්රියාකාරකමක් හෝ නැවක ගැටීමෙන් මිය යා හැකි බවට සැකකරන්නේ යැයි වෙරලාරක්ෂණ නිලධාරීන් වැඩිදුරටත් පවසති.