යාපනයේ මාර්ගයක් අසල කිතුණු දේව ප්රතිමාවක් කඩා බිඳ දමයි
යාපනය, මනියම්තෝට්ටම් ප්රදේශයේ මාර්ගයක් ආසන්නයේ කිතුණු දෙව් මැදුරක සුරුවමක් අද (17) අලුයම කිසියම් පිරිසක් විසින් කඩා දමා පළා ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.
මණයම්තොට්ටම් මන්සන්ධියේ අදාළ කිතුණු දේව ප්රතිමාව ඉදිකොට තිබූ අතර අද අලුයම එම ස්ථානයෙන් ගමන්ගත් ධීවරයින් පිරිසක් විසින් අදාළ ප්රතිමාව කඩා විනාශ කර ඇති අයුරු දැක ඒ බව පොලීසියට දැනුම් දී ඇත.
අරියාලෙයි, මනියම්තෝට්ටම් ප්රදේශයේ මාර්ගයේ ගමන් ගන්නා කිතුණු භක්තිකයින්ගේ පූජා කටයුතු වෙනුවෙන් ඉදිකොට තිබූ කිතුණු මාතා සුරුවමක් සහිත දෙව් මැදුරේ කණ්ණාඩිය කඩා ප්රතිමාව ඉවතට ගෙන විනාශ කොට එහි කැලී මාර්ගයේ දමා ගොස් ඇත.
ප්රදේශයේ කිතුණු ජනතාව මහත් බැතියෙන් පුජා කටයුතු පැවැත්වු සුරුවමක් එලෙස කඩා දමා ඇති අතර, කිසියම් කඩාකප්පල්කාරි පිරිසක් මෙය සිදුකරන්නට ඇති බවටත් ඉතා ඉක්මනින් වරද කරුවන් සොයාගත යුතු බවටද ප්රදේශවාසී කිතුණු බැතිමතුන් පවසා සිටිති.
අදාළ කිතුණු ප්රතිමාව කැඩූ පුද්ගලයින් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් සොයා පුළුල් පරික්ෂණයක් අරඹා ඇති බවට යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.


-
anura Tuesday, 18 June 2019 09:20 AM
පාරවල් කැඩිලා සන්වර්දනයක් නැති බව පෙනෙනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
