යාපනය නගර මධ්‍යයේ ව්‍යාපාරිකයෙකු විසින් අතුරු මාර්ගයක් අවහිර වන අයුරින් ගොඩනැගිල්ලක් ඉදිකර ඇතැයි කියමින් එයට විරෝධය පා වෙළඳසැල් හිමියන් ඇතුළු පිරිසක් ඊයේ (22) දින විරෝධතාවයක නිරත වූහ.
කුඩා වෙළඳසැල් සංගමය විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබු අතර විරෝධතාවයේ නිරත වූවන් පවසා සිටියේ ව්‍යාපාරිකයෙකු විසින් යාපනයේ කුඩා වෙළඳසැල් වෙතට පිවිසෙන මාර්ගයක් අවහිර කරමින් ගොඩනැගිල්ලක් ඉදිකිරීම මගින් එම වෙළඳසැල් සියල්ල වසා දැමීමට සිදුවන හෙයින් මාර්ගයෙන් ගමන් කරන වැසියන්ගේ දෛනික කටයුතු වලටද දැඩි බාධාවක් සිදු ව ඇති හෙයින් වහාම අදාළ ඉදිකිරීම නවතා දැමීමට කටයුත කරනා ලෙසටයි.
විරෝධතාකරුවන් විසින් අදාළ ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් යාපනය මහනගර සභාව වෙතටද භාර දීමට පියවර ගත් අතර මහනගර සභාව මගින් සහනදායි විසඳුමක් නොලැබෙන්නේනම් ඉදිරියේදී දැවැන්ත විරෝධතාවක් සිදු කිරීමට පියවර ගන්නා බවටද විරෝධතාකරුවන් වැඩිදුරටත් පැවසීය.