උතුරු පලාතේ දෛනික කොරෝණා ආසාදිතයින් වැඩිම වාර්ථා වන යාපනය දිස්ත්‍රීක්කය තුල පමණක් ගෙවුනු දින 21 ක කාලය තුලදී පමණක් කොවීඩ් 19 වෛරසිය ආසාදිතයින් 2053 දෙනෙකු වාර්ථා වී ඇති බවට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
මෙලෙස දෛනික කොරෝණා ආසාදිතයින් වැඩිවීමට ප්‍රධාන ලෙසිනම බලපා ඇත්තේ වැඩිවශයෙන්ම ජනතාව සෞඛ්යාරක්ෂිත පියවර අනුගමනය නොකිරීම නිරෝධායන නීති ඇතුලු සංචරණ සීමා උල්ලංඝනය කිරීම වැනි කරුන් නිසා බවටද සෞඛ්‍ය නිලධාරීන් පෙන්වා දෙයි.
මේ අතර සංචරණ සීමා ඉවත් කිරීමත් සමග යාපනයේ දෛනික කොරෝණා ආසාදිතයින් ඉදිරියේදී තවත් වැඩිවෙනු ඇති බවටද සෞඛ්‍ය නිලධාරීන් අනතුරු අඟවා සිටිති.
එමනිසා යාපනයේ ජනතාව මීට වඩා සැලකිලිමත් විය යුතු බවටත් නිරේධායන නීති ආරක්ෂා කරමින් ඉදිරියේදී කටයුතු කළ යුතු බවටද යාපනයේ මහජන සෞඛය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පවසා සිටියි.