යාපනය, උඩුවිල් ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්රාම නිලධාරී වසම් 28 කට සංචරණ සීමා පනවා තිබේ.
දිස්ත්රික් ලේකම් කේ. මහේෂන් මහතා සඳහන් කළේ, ඊයේ (12) රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි මෙම සංචරණ සීමා පනවා ඇති බවය.
යාපනය, මරදනාමඩම ප්රදේශයේ පුද්ගලයින් පිරිසක් කොවිඩ් ආසාදිතයින් ලෙස තහවුරු වීම හේතුවෙන් අදාළ සංචරණ සීමා පනවා තිබේ.
මීට අමතරව වව්නියාව, පුදියසාලම්බකුලම ප්රදේශයට ද සංචරණ සීමා පනවා ඇත.