කොරෝනා වයිරසයේ අවධානම හේතුවෙන් කොළඹ කෙසෙල්වත්ත , බණ්ඩාරනායක මාවතේ සිට යාපනය යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙටත යොමු කළ 378 ක පිරිසක් සිය නිරෝධායනය අවසන්වීමෙන් පසුව ඊයේ (09) ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කිරීමට යාපනය ආරක්ෂක සේනා මූළස්ථානය විසින් පියවර ගනු ලැබීය.
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙරල් රුවන් වනිගසූරිය මහතාගේ අධීක්ෂණයෙන් යාපනය විඩත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානයේ හා යාපනය අලිමංකඩ 55 වන සේනාංකයට අයත් කිලිනොච්චිය ඉයක්කච්චි යුද හමුදා කඳවුරේ සාර්ථකව නිරෝධායනය අවසන් කළ පිරිස් එලෙස නිවෙස් බලා ගියහ.
විඩත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානයේ 298 පිරිසක් ද ,ඉයක්කච්චි යුද හමුදා කඳවුරු තුල නිරෝධායනයවූ 80 පිරිසක්ද නිරෝධායනය අවසන්කොට පිටව යන අතර ඔවුන්ගෙන් පිරිමි පුද්ගලයින් 188 හා කාන්තාවන් හා කුඩාදරුවන් 190 ක් විය.
පසුගිය 22 වනදා නිරෝධායනය වෙනුවෙන් යොමු කල මෙම පිරිස් පුරා දින 17ක් නිරෝධායනය වීමෙන් අනතුරව ඔවුන් හට පී.සී.ආර් ජෛවසාම්පල පරීක්ෂණයද සිදුකොට මෙම පිරිසට කොවිඩ් - 19 වෛරසය අසාදනය නොවී ඇති බවට තහවුරුවී ඇති බව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වැඩිදුරටත් පැවසීය.
නිරෝධායනය අවසන් කළ පිරිස් විසින් හමුදාවට ස්තූතිය පලකරමින් නිර්මාණය කළ සිතුවම් කිහිපයක්ද යුද හමුදාව වෙත ප්රදානය කෙරුණු අතර සිතුවම් ප්රදර්ශනයක්ද විදට්ටපලෙයි නිරෝධායන මධ්‍යස්ථානයේ පැවැත්විණි.