දීර්ඝ කාලයක් භාවිතයට ගත නොහැකිව තිබු යාපනය-වඩ්ඩුකෝඩ්ඩෙයි වලවිල්කුලම වැව ප්‍රතිසංස්කරණය කරමින් ජනතාවට භාවිතයට ගතහැකි පරිදි සකස් කොට ජනතා අයිතියට ලබා දීමට යාපනය යුද හමුදා නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින මෙම වැව පිළිසකර කොට ජනතාව වෙනුවෙන් භාර දීමේ කටයුතු සිදු විය.
යාපනය,වඩ්ඩුකොඩ්ඩෙයි නිරිත ගොවි සංවිධානය හා යාපනය මිතුරෝ සංවිධානය යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයාගෙන් සිදු කළ ඉල්ලීම මත යාපනය ආරක්ෂක සේනා ආඥපතිවරයාගේ මෙහෙයවීම මත යුද හමුදා නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වය යටතේ වැව ප්‍රතිසංස්කරණය කොට තිබිණ.
යුධ හමුදා ශ්‍රම දායකත්වය හා යන්ත්‍ර යොදාගෙන වැවේ ප්‍රමාණය විශාල කොට ගොවි ජනතාවට ජලය ලබා ගැනීමට හැකිවන අයුරින් වැව ප්‍රතිසංස්කරණය කොට තිබුණි.
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ගොවි ජනතාවට මෙන්ම සාමාන්‍ය වැසියන් වෙනුවෙන් මෙලෙසින් වැවක් පිලිසකර කර දීම පිළිබඳව ප්‍රදේශවාසී දමිළ ජනතාවගේ මහත් ප්‍රසාදයකට ලක්ව ඇත.
වැඩසටහන් අවස්ථාවට ඉන්දියානු කොන්සල් ජෙනරාල් එස්.බාලචන්ද්‍රන් මහතා,යුධ හමුදා ජේෂ්ඨ නිළධාරීන්, ප්‍රදේශයේ ගොවි ජනතාව ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.